"පා තබා පිය නගමු අප දැන් පුරුදු මහ පොලොවේ
අපෙ අලුත් රඟ මඬලේ..."
පබඳින්න අවැසියි
නැවුම් කවියක්
ඔබේ හද මඬලේ
ඉදින් දැන්
අවසරද සබඳේ...
තැනූ මන්දිර
විසල් සිහිනද
බිඳී ගිය සඳ මෙදිනේ
හෙටින් ඇරඹෙන
නැවුම් දිනයේ
වහින්නට අවැසියි මට
අලුත් වැස්සක් වී
අපෙ පුරුදු ආකාසේ...
කිමද ඉගිලෙන්නට හදිසියක්
කුමට පැන යන්නට නොඉවසුමක්
ඉදින්...
පා තබා පිය නගමු අප දැන්
පුරුදු මහ පොලොවේ
අපෙ අලුත් රඟ මඬලේ...