වෙරළට දිවෙන විටත්..
ආපසු දුවන විටත්..
ඉරත් එක්ක බාදිය
සඳත් එක්ක වඩදිය
නැඟෙන විටත්..
මං හිටි තැනටම වී
බලන් උන්නා..
උදේට හමනා හීතල හුළඟත්..
රෑට හමනා ගිනියම් හුළඟත්..
උඹලා වගේම
මාත් වින්දා..
ජීවිත සයුරේ..
ඉදිරියට තැබූ පියසටහන්
රළපෙලත් සමඟ මැකී යද්දී
මා හිත් වැල්ලේ ගැඹුරටම එරුණු
පියසටහන් මං සිත්තම් කෙරුවා..
දැන් දැන් මා නුපුරුදු
දොරකඩ අබියස..
දෙනවද මටත්
අවසර
ගොඩවදින්නට නිවහන වෙත...
නුපුරුදු කඳු හිස
ReplyDeleteතරණය කරනට
පියසටහන් තබනා මොහොතේ
දෙන්නම් අත්දෙක
මගේ කවිකාරිට
කඳු මුදුනට යන
මේ ගමනේ...
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
Deleteළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ…
සැරයටියෙන් අපි යනෙන තුරා … !!
දෙන්න දෙමාල්ලන්ගේ බ්ලොග් විතරක් නෙමෙයි සියලූම බලාපොරොත්තු සාර්ථක වේවා … !!!
ගීතයකින්ම පිටුව වරණවත් කලාට බොහෝම ස්තූතියි. ඒ වගේම මාව මෙහෙම සාදරයෙන පිළිගත්තටත්.
Deleteඒ වගේම හදවතින්ම කරපු සුබප්රාර්ථනයටත් ගොඩක්ම ස්තූතියි..
පත්තරමල්ලි කියනකම්ම ඒ වගක් දැනුනේ නෑනේ. එහෙනං දෙන්නවම පිළිගත්තා ඔන්න.
Deleteගොඩක් ස්තූතියි. හැමෝම ඇවිත්. ඒක ලොකු ශක්තියක්.
Deleteහරිම සන්තොසයි .මනෝ පෙන්නපු පාර දිගේ ආවේ ..දිගටම ලියන්න
ReplyDeleteඔබටත් ගොඩක්ම ස්තූතියි සහෝදර.
Deleteඅවසරයි...!
ReplyDeleteලියනවා නම් පමෙනෙක්...,
දිගටම...
ලියන්නෙම දිගටම
Deleteනොමැකෙන තුරු පියසටහන්...
අපේ සඳුමලය තමා කීවෙ මේ පැත්තට ගොඩ වදින්න කියල..
ReplyDeleteදිගටම ලියමු..
සංචාරකටත් ස්තූතියි.. මටත් පාර කිව්වෙ ඔහුම තමයි.
Deleteඔබ ලියන්න
ReplyDeleteඅපි බලන්නම් ....
මාතලන් සමග එකග වෙමි ....
ඇත්තෙන්ම. බොහෝම ස්තූතියි...
Deleteඑහෙනං දිගු ගමනකට සුභ පැතුම්.....
ReplyDeleteජ ය වේ වා !!!!
ඒක ලොකු දිරියක්. ඇත්තෙන්ම ස්තූතියි..
Deleteදිගටම ලියමු..අපි එන්නම් ..
ReplyDeleteසුභ පැතුම්..!
මං වෙනුවෙන් ආව පළමු කාන්තා නියෝජනය.... ඔබටත් ස්තූතියි ගොඩක්ම.
Deleteබ්ලොග් ලොව දිගු ගමනක් යන්න හැකි වේවායි කියා පතමි.!!
ReplyDeleteදිගටම ලියමු.!!! සුභ පැතුම්!!
දිරිය ගෙනෙන අදහසක්.. හදවතින්ම ස්තූතියි..
Deleteතවත් කවි සිතක්
ReplyDeleteසුබ පැතුම්....!!!
වටිනා අගය කිරීමක්. ඔබටත් ස්තූතියි..
Deleteසුබ පතනවා ඔබට.......දිගටම ලියන්න..........
ReplyDeleteපද ටික ලස්සනයි.......
ඔය කිව්වෙ … දීකිරට බල්ලුත් සාක්කි
Deleteකවි කිව්වොත් කුරුට්ටා එතන :D
කුලුදුල් මංගල පියවර තබනා
Deleteනොඉදුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැලෙමින් සදහා
ආශිර්වාදෙන් ආසිරි වේවා … :D :D :D
ටොපේ ටොප්.… ඔහොම යං නංගී !!!!!!!!!!
හොඳ දවසක් නෙවැ..අපේ බ්‍රෑන්ඩ් එක මනෝෂ් දන්නවා.. එයා එක්ක අපි ඒව බේරගන්නං .. ඔයා කෑෂ් ටික ඇපෲ කරන්ඩ … ස්තුතියි..!
අර බල්ලන්ට ගහන ඒවා ලිම්ට් එකක් නෑ පුළුවන් තරමකට ඇපෘෘ කරන්න...
Deleteඉතුරු නං වෙන් නෑ බේසමකට දාල බැහැල හරි ඉන්නවා … පෙරේතකමකට නෙමෙයි කාගෙ උනත් සල්ලි නෙවැ. ආං ඒකයි...
Deleteකමෙන්ට්ස් ගොඩකට එකවර රිප්ල්යි කරන විදිය අහගන්න ටිකක් වෙලා ගියා.
Deleteමේක කුරුටු ගෑ ගී පවුරට,
ගීපවුරෙ ඉන්න හැමෝම දක්ෂ කවිකාරයෝ බව අහල තියෙනවා. සමහර කවි කියවලත් තියෙනවා. ඉතින් මේ අඩවියට ආවට ගී පවුරට ගොඩක්ම ස්තූතියි..
පත්තරේ ගී පවුර ගැන කියපු දේනම් හරි නේද.
Deleteඒ වගේම දාල තියෙන පද පේලියනම් නියමයි.
ආ.. ඔව්..ඔව්.. ඔය කියන බ්‍රෑන්ඩ් එක ගැන මනෝෂ් මට කියල තියෙනවා. කොළකැඳ නේද? හරි හරි අවුලක් නෑ, මං හදල තියන්නම්.
Deleteආ..මං ගානෙ තව බෙලි මල් වතුර ටිකකුත් දෙන්න පුලුවන්, කිතුල් හකුරු එක්ක.
විදානේ,
Deleteමෙච්චර හොඳ යාලුවන්ට බල්ලන්ට ගහන ඒව දෙන්න පුලුවනෑ.. ඔන්න මං තව වෙනිවැල්ගැට වගයකුත් තම්බලා ලෑස්ති කලා.
පත්තරේ,
කොහොමත් අවුසද බේසං වල බැහැල ඉන්නෙක ශරීර සෞඛ්‍යට හොඳයි.
මට හිතුනා සුනිල් අයියා අර කොත්තමල්ලි බාර් සින්දුව ගහන කොට ඔහොම වෙයි කියලා.හරි නෙ දැන් ඔය අහගෙන තියෙන්නෙ කට්ටිය.මචෝ අර වෙනිවැල් ගැට ටික වත් දියන් දැන් බොන්න.
Deleteඒකටම ගැලපෙන සිංදුවනෙ බොලා මෙතන මතක් කරල තියෙන්නෙ. මට දැන් පත්තරයාගෙ රිප්ලයි එක බලනකල් ඉවසිල්ලක් නෑ.
Deleteඔන්න උඹලත් එහෙනම් දැන් බීපල්ලකො කැඳ. අම්මප මේකිගෙ කට තමයි කට.
පත්තරයෝ මෙන්න ගල් බුවාගේ 1ක් .....
Deleteගල් බෝතලෙ හරි අටකට බෙදාගෙන......
කොටහක් නොබී මිතුරන්ටත් තබාගෙන...
බිව් හැටි එදා බේබද්දන් විලාසින....
ගල් බාගෙකට ඇයි අද ඇණ කොටාගෙන...
මෙන්න මෙන්ඞාත් අත් දෙකම උස්සා කැමැත්ත පලකරා. පාන් රාත්තල් දෙක තුනක් ගෙනත් තියන්න ගල් අරක්කු පාන්වල පොගවලා හරි චොයි.
Deleteතනිකරම කුමන්ත්රනයක් සදුමල් නංගාට කිව්වද අපි කොත්තමල්ලි වෙනිවැල් ගැට කොලකැද වලට කැමති කියලා, ඒ උනාට නංගා දැන් බලන්න සදුවාගේ අනිත් ගැහැනු දරැවෝ ටික ( කමලා සුනිලා නිමලා අමාලි සුනිතා සුනන්දනි ප්‍රියා ගිතා සුභා ) දන්නවානේ අපේ බ්රැන්ඞ් එක බල්ලන්ට ගහන ඒවා කියලා. මදි පාඞුවක් උනොත් වත්ත වටෙිට ගහන ටිකකුත් අරන් තියමු.
Delete(සදුමල් ඇද්ද උඔට අද ඔලුව පලයි)
මෙන්ඩෝ ,,
Deleteයකෝ සඳුමල්ගේ බ්‍රෑන්ඩ් එක හිගුරාන ස්පෙෂල් ....
මහියංගනේ අනිත් ගල් මැණික් ගල් වගේ...
අයි බන් උඹට මතකද කමලා නංගියි අමාලි නංගියි අපිට කිවේ ...
යකෝ මෙන්ඩෝ...
Deleteතොපි මාව කනව බොලවු. යකෝ සතියට දවසයි කවිකාරි හම්බෙන්නෙත්. හෙට මට ටොපිය හම්බෙයි දැන්. ගෙනත් දීපිය ගල් තොප්පි දෙක තුනක් මට දැන්. ඕවා මෙතන කියන්න ගියේ ඇයි දැන්. ඒ අනිත් නංගි බබාල ටික මෙයා ගැන දන්නෙත් නෑ. උන් දැන් කරුමෙකට හරි මේ බ්ලොග් එකට ආවොත් මොකද වෙන්නෙ? මට උන් ටිකත් නෑනෙ බොල.
(අනේ මේ කවිකාරියේ, මුන් ඔය කියන්නෙ මගේ මේ සහෝදරියො වගේ හිතවත් ගෑල්ලමයි ටිකක් ගැන. ඔයා වැරදියට හිතන්නෙපා හොඳේ. ඉරිදට මං තේරුම්කරල දෙන්නම්කො.)
අඩෝ ඇනෝ...
Deleteනෑ නෑ බං, හිඟුරාණ ස්පෙෂල් මෙහෙ නෙවෙයි අම්පාරෙ. මෙහේ තියෙන්නෙ, අලුත පේරාපු අනර්ඝ මුල්ල පටස්. වැව අයිනේ කැලෑ රොදේ තමයි හරි අපූරු අවන්හල් ටික තියෙන්නෙ. කෙලින් කටින් ඉඳගෙන තමයි බොන්න ඕනි. උඹට ඕක කීවෙ අමාලි නෙවෙයි මං හිතන්නෙ, අර අනිත් එක්කෙනා, ප්‍රියංගි නේද? ඒකි පටලගෙන.
මනෝ පැලවත්ත ස්පෙෂල් කියලා 1ක් තිබුනද ? දවසක් මම යාලුවෙක්ගෙ වෙඩිමකට මහියංගනේ ආවම හිගුරාන හරි පැල්වත්ත වගේ 1ක් දුන්නා. ෂොට් දෙකයි බඩුම තමා .... (සොරි මචං අමාලිත් නෙවි ප්රියන්ගිත් නෙවෙයි ඕක කිවේ සුබා හරි ගීතා හරි ....)
Deleteහ්ම්..උඹ මගේ කටින් අල්ලගන්න නේද හදන්නෙ. මං අහුවෙයි ඕවට. මේං මං මාරු.
Deleteඅනිත්පාර මහියංගනේ පැත්තෙන් ගියොත් ඉතිං බඩුම තමා අපි ඇති පොට් එකේ......
Deleteමේක සිනා සාගරයක්නෙ. අපූරුයි අපූරුයි... මං අල්ලගන්නම්කො මනෝෂ්ව.
Deleteහොඳයි එහෙනම් දිගටම ඉදිරියට පියනගන්න. අපිත් ධෛර්යය දෙන්නම්.
ReplyDeleteවිචාරකතුමා ගැනත් අහල තියෙනවා. ඔබගේ පැමිණීමත් මට ලොකු ශක්තියක්. ස්තූතියි.
Deleteඔන්න මාත් මේ පැත්තට ගොඩ වුනා.. මනෝෂ්ගෙන් අපි දකින, කියවන දේට වැඩිය වෙනස්ම පැතිකඩක් ඔන්න මම නම් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.. සුබ පැතුම්..
ReplyDeleteදිනේෂ්ගෙ කෙටිකතා මනෝෂ් මට කියවන්න දීල තියෙනවා. ඉතාම ස්තූතියි පැමිණියාට.
Deleteඔබ ලියන්න ඔබ ලියන්න
ReplyDeleteපට්ට කවි මෙයා
ලියනව නං කියවන්නට
එන්නං හැමදා...
ජයවේවා... මනෝ කීව අපි ආව.. ආයෙ එන්නං දිගටම...
ඇත්තටම ආවට ගොඩක් ස්තූතියි.. මනෝෂ්ගෙ යාලුවෝ ඔක්කොමලා ඇවිත්. මේ ගමනට ආරම්භයේදිම මට ශක්තියක් ඒක.
Deleteඑල මචෝ දිගටම ලියාගෙන යන්න.කොල්ලත් පිස්සු කෙලියට කවි වලට මාර විදියට මනාපයි.අනේ බං මට ඔය සුබ පතන්ඩ නන් තෙරෙන්නෙ නෑ ඕං.මම මගේ බොක්කෙන්ම ගුඩ් ලක් කියනවා.(භාශා මාධ්‍ය අවුල්ද දන්නෙ නෑ.ඒත් ඉතින් කොරන්න දෙයක් නෑ උපන් දා සිට මෙහෙමයි. කට හොද නෑ ) :D
ReplyDeleteඔයිට වඩා කොහොම සුබපතන්නද. භාශා මාධ්‍යයේ වරදක් නෑ. සරලයිනෙ.
Deleteඉතින් ඔබටත් ඉතාම ස්තූතියි.
දිගු ගමනකට මුළු හදවතින්ම සුබ පතනවා..
ReplyDeleteගොඩක්ම ස්තූතියි ඔබටත් තුශානි.
Deleteබිසී වැඩියි ..පස්සේ ඇවිත් නිදහසේ කියවන්නම් , එතකං සුබපැතුම් විතරයි මෙතන තියන්නේ , ගුණදොස් පසුවට ... ජය
ReplyDeleteමම සදුමල් එකට ගොඞවෙන්නේ උඔගේ බොලෝග් එක හරහා මෙිකත් ඔයාගේ බොලොග් රෝලේ එල්ලුවෙත් මොකොද?
Deleteඔබ දෙදනාටත් බොහොමත්ම ස්තූතියි.. සාදරයෙන් පිළිගන්නවා.
Deleteසදුමල්ව බොලෝග් ලෝකයට මාතලන් අයියන්ඞි හදුන්වල දුන්නේ මෙන්න තවත් සදරෑ කෙනෙක් කියලා එ හැදින්විමට ඌ දැනට වටිනාකමක් දිලා තියනවා. ඔයාව ඌ අපිට අදුන්නලා දුන්නා ඒකට වටිනාකමක් දෙන්න නංගා.
ReplyDeleteනිසදැස එල ද බ්‍රා.
පාටියට ඔිනේ දේවල් පත්තර මලයන්ඞි පහැදිලි කරලා තියනවා එහනම් ඉතින් දවස කියන්න.
හ්ම්... උඹලට දැන් පාටි ගන්න වෙන්නෙ මගේ මළගමේ එක තමයි. වරෙල්ල දෙන්නම්, කවිකාරි බොලාලා එනකල්ලු බලං ඉන්නෙ දැන් වාං පාටිය දෙන්න.
Deleteලියන්න.. එතකොට තමා අපි එන්නේ... ජය වේවා...
ReplyDeleteනියමයි.. සුධ පැතුම්.. දිගටම ලියන්න..!!
ReplyDelete