Monday, August 11, 2014

ආදරය..

"දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ"





"නුඹ හින්දා නෙතට උනන කඳුලු බර වැඩියි..
නුඹටත් එය හැඟෙනවාද?
නුඹ හින්දා නෙතට ඉනුව කඳුලු බර වැඩියි..
නුඹටත් එය දැනෙනවාද?
නොදන්නෙමි කෙලෙසක ජීවත් වෙන්නද මං..

නුඹ හිනැස්සුවාට වඩා..
ඇඬෙවුවා වැඩියි..
හද කැකෑරෙනා වේදනාව
නෙත් අග්ගිස්සට ඇවිත්..
නිදහස් වන්නට මා සිතින් යදී..
නමුදු මා ලොවට බයයි..

ඔබ සිතේ මගේ කඳුලුවලට
වටිනාකමක් තිබුනේනම්..
මෙවන් ලෙසකට මා රිදුම් නොදෙයි..
ඔබ ඔබේ ලෝකේ සක්විති වනු දැක..
මා ඔබේ ලෝකෙ සරනු පෙනෙයි..

පෙර පුරුදු ලෙසම දුක් වේදනාව..
හිත යට හංගගමී..
ඒ පුරුදු ලෙසම ඔබ වෙනුවෙන් මා..
ලොව හමුවේ සිනාසෙමී..
එලෙසක හෝ..
ඔබ හා රැඳෙන්නෙමී..."

38 comments:

  1. අපුරුයි.. නව්‍යතා ගතිය හොදයි... නමුතු මේක තවත් ඉවසිල්ලෙන් ලීව නං ගාන්දර කවියක් එන්න තිබ්බ..
    තාම පටන් ගත්ත විතරයි නෙව.. ඇරඹුම හොදයි..
    ඒ කියන්නෙ ඉදිරිය මග සුභ ලකුනු පෙනෙයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි මහේශ්. අලුත් කෙනෙක් උනත් ඔබලා මට මේ දෙන සහයෝගය මට හුගාක් වටිනවා.

      Delete
  2. මචෝ උඹේ භාශාව මට නිකං මොකක්ද වගේ.ඒ කියන්නේ අර ලියන වචන අතරට කතා කරන වචන ඇවිත් තියන විදිහට පොඩ්ඩක් විතර අවුල් යනවා(සමහර විට මට විතරක් තියන අවුලක්ද දන්නේ නෑ ).කට කෑවත් ඉතින් කියන්න තියන එක කියන්න එපැයි.ඕක හරියයි හැබැයි ඉතින් ඕකෙ ඇතුලේ තියන අදහස්ට නම් මං කැමතියි.උඹ ඕක කිව්වේ මනෝෂයටද? :D

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඔබෙ විදිහට මම කැමතියි.කියන්න තියෙන දෙයක් යහපත් හිතින් කෙලින් කියන එකයි හැබැ මිත්රකම.සත්තකින්ම මෙය අත්දැකිමක් නෙවෙයි. මට ඉන්නේ මෙි ලෝකෙ හොඳම පෙම්චතා .

      Delete
    2. අඩෝ මනොශ් උබේ කොලර් අප් මෙන්න..:D

      Delete
    3. අඩේ මං කොමෙන්ටුව දාද්දි තිබ්බේ මේක නෙමේ.මේක නම් පට්ට බං

      Delete
    4. ඒ කිව්වෙ මචෝ?? ඉස්සෙල්ලා වෙන කමෙන්ට් එකක්ද තිබ්බෙ? හරි අමාරුවෙන් මචෝ කවිකාරි ඔහොම හරි රිප්ල්යි එකක් දාන්නෙ. එයා ඔය දාන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින්. සමහර වෙලාවට කොටල කොටල පබ්ලිෂ් කරනකොට පබ්ලිෂ් වෙන්නෙ නෑ. එතකොට ඉතින් ආයෙ මුලක ඉඳල කොටන්න ඕනි.

      Delete
    5. නෑ බං මං කොම්මෙන්ට් 1 දැම්මට පස්සේ කවිය එඩිට් වෙලා( ගොඩාක්ම නෙමේ හැබැයි ඒකෙන් මේක කොලිටි වෙලා ).මගේ කොම්මෙන්ට් එකේ තියෙන්නේ ඔය කවිය ගැන නෙමේ ඉස්සෙල්ලා තිබ්බ එක ගැන ඒකයි. යකො එහෙම කරන්න එපා පස්සේ එන එවුන් අපිට බැන බැන ඕක බලන්නේ.මේක පට්ට මචෝ.

      Delete
    6. ඔන්න ඕකෙ කතන්දරේ මෙන්න මෙතන තියෙනවා බොලේ..ඇයි බං උඹ මට සීනිදාල වෙඩි තියන්න හැදුවේ.

      http://ampiyasatahan.blogspot.com/2014/08/blog-post_11.html?showComment=1407734033294#c5564393271090168202

      Delete
  3. මල්ලියා කිව්ව වගේ භාෂාව ටිකක් හදාගමු නේද මචෝ....හිනස්සවුවා කියන වදන මෙ තැන ට ගැලපෙන්නේ නෑ...කටවහර සහ ලිපි වහර සුදුසු ලෙස යොදන්න උත්සාහ කරන්ට..ලියන විටදි ත් හැම වදනක් ගැන ම සැලකිලිමත් වෙන්ට..උදාහරණයක් විදිහට, මෙහි ‘නුඹ හින්ද‘ කියුවාට වඩා ‘නුඹ හින්දා‘ කියුවා නම් ලස්සන යි...
    දිගට ම ලියන්ට..ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තූතියි මිත්රයා.හැමදේම මට ශක්තියක්.

      Delete
  4. ඇත්තෙන්ම සියදහස් වාරයක් හැමෝම මට සමාවෙන්න. කවිකාරිට මේ මොහොතේ අන්තර්ජාලෙට සම්බන්ධවෙන්න මේ මොහොතේ අවස්ථාවක් නොමැති නිසා ඇය වෙනුවෙන් ඇය එවූ කවිය මමයි යුනිකෝඩ් වලට කන්වර්ට් කරල මෙහෙම පබ්ලිෂ් කලේ. ඒ නිසා බොහෝ අඩුපාඩු මේ තුල ඇතිවෙලා. හැකි පමණින් ඇගෙන් අසා කිහිප පොලක මං දැන් නිවැරදිකලා.

    කවිකාරි වගේම ඇගේ රසිකයනුත් මා හට කමත්වා.

    ReplyDelete
    Replies
    1. කමන්න නෙමේ තියෙන්නෙ බොට කරන වැඩ වලට....:D

      Delete
    2. ඒකනෙ බං කියන්නෙ. මගේ පණ්ඩිත කමට සෝදුපත් කියවන්නැතිවනෙ දැම්මේ. කවිකාරි අද මට වෙඩි තියෙනවා ශුවර්.

      Delete
    3. තොට සීනි දාලා වෙඩි තියන්න ඕනි.කූඹි කාලා මැරෙන්න :D

      Delete
    4. ඒත් මදි බොල. මී පැණි දාල වෙඩි තියහං.

      Delete
    5. ඉරිදාට මුනගහුනම බලාගමුකො. සත්තකින්ම අනෙක් සියල්ලදිම වගෙම මේ දේදිත් මගෙ ශක්තිය ඔයා. ඔයා මාව පෝෂණය නොකරන්න අද මම වැහැරුනු ඉරට්ට්ක්.

      Delete
    6. ඉරට්ටේ මොකක්ද බං තව වැහැරෙන්න තියෙන්නේ.:D හිකිස්!!!

      Delete
    7. අම්මපා ලග පාත හිටියනම් දෙන්න හිතෙනවා මේකට.. උඹේ ඒවා නැතත් කමක් නෑ මේක හොදට කියවලා දාපං.. මාත් එහෙමයි.. නැත්නම් වසලා හමාරයි බං.. අත්දැකීමෙන් කියන්නේ.. ;-)

      Delete
    8. මල්ලියා උඹනම් පට්ට මචෝ..

      දිනේෂයෝ..අම්මප බොල ඒකනම් ඇත්ත.

      Delete
  5. සදුව උඔ එකේ පන්තියේ හිටපන් දෙකේ පන්තියට පයින්නේ නැතුව පන්ඩිත වැඩ නොකර.
    නංගා, කවිය එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං, නොදන්න කවියට ගිහින් වරිගෙ නහගත්තනෙ මාත්.

      Delete
    2. ඔබටත් බොහොම ස්තූතියි.

      Delete
  6. කයි පද ටික නං ලස්සනයි.. හැබැයි වඳුරන්ට දැලිපිහි ලබාදීමෙන් වලකින්න...


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. විදානය උඹ මට අහුවෙද්දැන්කො.

      Delete
    2. නෑ නෑ, කවදාවත් එහෙම අයට දැලිපිහි දෙන්නෙ නෑ!!

      ස්තූතියි විදානෙ ඔබටත්.

      Delete
    3. //හැබැයි වඳුරන්ට දැලිපිහි ලබාදීමෙන් වලකින්න.// හැක් :v

      Delete
    4. ඔව් බොට හැක්!!

      Delete
  7. අපූරුයි පද ටික. ආදරය ඔහොම තමා නොවැ. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියශාද්. ඒක ඇත්ත ආදරය එහෙම තමයි. පස්සෙ කාලෙක අතිතයේ වේදනාවනුත් මත් කරනකොටත් අමුතු සතුටක් දැනෙනවා.

      Delete
    2. මෙහි "මත්" "මතක්" ලෙ නිවැරදි කරමි.

      Delete
  8. // ඒ පුරුදු ලෙසම ඔබ වෙනුවෙන් මා.. ලොව හමුවේ සිනාසෙමී.. // ආදරය හුඟක් වෙලාවට අනිත් කෙනා වෙනුවෙන් කරන පරිත්‍යාගයක් ...
    හරිම ලස්සන පද වැලක් ..

    ReplyDelete
    Replies
    1. ඔබටත් බෙහෙවින්ම ස්තූතියි තුශානි. ඔබ හොඳ මිතුරියක් මට.

      Delete
  9. කවි ටික ගති..

    කොහේද මම මීට වැඩිය දෙයක් කියන්න ආවා.. කොහෙද මැදදි හස්බන්ඩගේ කමෙන්ට් එක දැකලා මට ඒක අමතක වුනානේ..

    ReplyDelete
    Replies
    1. ඒකට හැබැයි හොඳ විසදුමක් තියෙනව දිනේශ්. ඉස්සෙල්ලාම කමෙන්ට් එක දාලා පස්සෙ අනික් කමෙන්ට් කියවන්න. ඔබටත් ස්තූතියි යාලුවා.

      Delete
  10. සඳ වත අප හැරදා..............

    සඳ වත අප හැරදා
    කළුවර දේවි මවා
    පෙර අප ළංවූ දා මෙන්
    තරු කැට වීසිවෙලා
    හමුවුණු තැන් පෙර දා
    රසමුසු වී යයි දෝ
    පෙර අප හමු වූ සේ මේ
    නගරය අඳුරු වෙලා...

    දිවා රැයේ එකසේ
    බැඳී එක ම පියසේ
    රැඳි හිඳින විලසේ
    පැතූ පැතුම් නොලසේ...

    එදා සඳට උර දී
    සිනා සරින් සැරසී
    කියූ කතා වැළලී
    හිතේ සුසුම් උපදී...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : විශාරද උපුල් පෙරේරා
    ගායනය : දමයන්ති ගමගේ

    (නංගෝ ගමේ භාෂාව අත්හරින්නේ කොහොමද නේද ? හිනස්සව්වා , දුවව්වා , කවව්වා , පොවව්වා ,වගේ ඒවා )

    ReplyDelete
    Replies
    1. ඒකනමි ඇත්ත අයියන්ඩි ගමෙි බාසාව නම් අමතක කරන්න බැැ. ඒත් මේ කැකුලි ලිව්වෙ "හිනස්සවුවා කියල නෙවෙයි.එය මම ලිව්වෙ "හිනස්ස වූවා" ලෙස හිතලයි.ඇත්තේම එය නිසා නිසැදසට වු හානියට සමාවන්න.එසේම ගිීයටත් ඔබෙ ලෙන්ගතු කමෙන්ටුචටත් ස්තූතියි.

      Delete
    2. ආ.. අපේ ගීත ඇනෝ, මේ අපේ ගමේ බාසාවනෙ නේද බං. මතකද උඹට,

      "ඌවෙ කොහේ බං, මේලක්වත් දාහං..."

      Delete