Thursday, August 14, 2014

ඇඳුරු මවුගේ මරණය..

"උඹේ ඇහින් කඳුලක් මං
වැටෙනා තුරු බලන් හිටියා.."




"සුදු කොඩි වැනෙනා හෙවනැලි
අතරින් මහ මැදියම් රෑ
උඹේ ඇහින් කඳුලක් මං
වැටෙනා තුරු බලන් හිටියා..

උඹේ කර මතින් සොහොනට
මං යනකොට මයේ පුතේ
වෙනදා මෙන් හිත අස්සෙන්
තනියම මං හඬා වැටුණා...

මෙවන් යකඩ ගැහැණියකගෙ
කුසේ උපන්නාට පුතේ
එදා වාගේම අදත්
උඹ පසුතැවුණා...

දාහකගේ නෙත් පාදන
උඹවන් පුතෙකුන් බිහිකල
මං ගැන හිත හිතා මෙමා
සැමට හොරෙන් හිනා උනා..."

27 comments:

  1. උඹේ අදහස් නම් බං කියලා වැඩක් නෑ කවුරුවත් වැඩිය හිතන්නෙ නැති පැත්තක් නෙ.සුප්පා ඈ......

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි මං එකද කොහෙද?

      Delete
    2. බොහොම ස්තූතියි යාලුවා, මගෙ හිතට ලොකු ශක්තියක් දැනුනා. මේ මගෙ හිතට තදින්ම දැනුන සිදුවිම් වලින් එකක්.

      Delete
    3. වැදගත් තැනක මුල් තැන.

      Delete
    4. අඩේ තෝ මට නොකිය කිව්වනෙ ඇන්ටන් කියලා.....තෝව නම්...............

      Delete
    5. ඔන්න ඉතින් උඹ අරන් තියාගත්ත. හැක්!! හැක්..!

      Delete
  2. තව ලියන්න.. ලියන්න ලියන්න.. එතකොට හොදටම හොදයි.. අතාරින්න එපා...

    ReplyDelete
    Replies
    1. දේශක, ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මේ දිරිමත් කිරීමට.

      Delete
  3. ගොඩක් අය ලියන සුරංගනා කවි වලට වැඩිය මේව මාර විදිහට දැනෙනවා බන්.. නියමයි..

    ReplyDelete
    Replies
    1. සංචාරක,ඔබටත් ගොඩක්ම ස්තූතියි. මෙිි ලෝකෙ සුරංගනා ලෝකයක් උනානමි මේවගේ දෙයක් කවදාවත් ලියවෙන්නෙ නෑ.

      Delete
    2. උඹ ඉන්න විදියට දුක හිතෙනවා බං.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @මනෝ
      මොකා කීවත් මේක වෙනස් කරන්නෙ නෑමයි.. :D

      Delete
    5. උඹ නිකං ගං වතුරෙන් අනාතවෙච්ච සරණාගතයෙක් වගේ! හැක්!! හැක්!!

      Delete
  4. පට්ට පට පට....
    කව්රුවත් වැඩිය නොකියන පැත්තක්..
    ලස්සනයි වගේම තාත්විකයි..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබගේ අගයකිරිමත් මට මහත් ශක්තියක් මහේශ්. ඇත්තේම ගොඩක් ස්තූතියි.

      Delete
  5. අවංකවම අපූරු‍යි.!

    මනෝ එදා කියපු කතාව හරි. ඔබ හොද කිවිදියක්.!!! දිගටම ලියන්න.!

    ReplyDelete
    Replies
    1. පිුයශාද්, ඔබගේ අගයකිරිමටත් අවංකකම ස්තූතියි.

      Delete
  6. // දාහකගේ නෙත් පාදන
    උඹවන් පුතෙකුන් බිහිකල
    මං ගැන හිත හිතා මෙමා
    සැමට හොරෙන් හිනා උනා... // හිතට දැනුන පද වැලක්... හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මෙය ලිවීමට පෙර එයට පාදක වූ සිදුවිම හේ්තුවෙන් මා සිතට දැනුන හැගීමෙන් බිදක් හෝ ඔබටත් දැනේනමි එයයි මගේ සාර්ථකත්වය. ඔබට ස්තූතියි මිතුරියේ.

      Delete
  7. හතර පස් වරක් කියෙව්වා!!!!
    අගෙයි බොහොම.................

    ලියමු දිගටම
    ජ ය වේ වා !!!!!!!!!!!!1

    ReplyDelete
    Replies
    1. විදානේ, බොහොම ස්තූතියි ඔබටත් මේ දිරිමත්කිරීමට.

      Delete
  8. ඇ‍හැ‍ල‍ ග‍ස‍ ය‍ට‍ මි‍දු‍ලේ‍
    සි‍හි‍ල‍ ද‍න‍ව‍න‍ ව‍දු‍ලේ‍
    පා‍ස‍ලේ‍ අ‍ප‍ ප‍න්‍ති‍ය‍යි‍ මේ‍
    හි‍ත‍ට‍ නි‍ව‍න‍ක්‍ සැ‍ල‍සූ‍
    හි‍ස‍ට‍ සෙ‍ව‍ණ‍ක්‍ නැ‍ති‍වූ‍
    ස‍ඳ‍ නැ‍ති‍ ආ‍කා‍සේ‍
    ත‍නි‍ එ‍ළි‍ය‍කි‍ පෑ‍වේ‍
    කු‍මු‍දා‍ස‍න‍ය‍කි‍ ප‍න්‍ති‍ය‍ මේ‍ පො‍ඩි‍//
    ගු‍රු‍ ත‍රු‍ව‍ක්‍ පා‍යා‍ ස‍ඳ‍ සේ‍
    ස‍ඳ‍ නැ‍ති‍ ආ‍කා‍සේ‍

    ගු‍රු‍ ත‍රු‍ව‍ (ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍)

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ . නම නම් ඔබට අපූරුවට ගැළපෙනවා. ඔබටත් බොහොම ස්තූතියි.

      Delete
    2. ඔබ ඉතාම කදිම සාහිත්‍යවේදියෙක් සිංදු...

      Delete
    3. පියාඹා ඉහටත් උඩින් හැමගේ
      සිංදු කියනා කුරුල්ලනි අහසේ
      දුටුවාද ඔබ පයින් ඇවිදින
      වාරු නැති වුණ ගුරුතුමා ඔබගේ
      පර වෙලා නෑ පා පියුම් ඔහුගේ
      පියිඹා ඉහටත් උඩින් හැමගේ....

      නොපා වේවැල් කෝටු දෑතට
      නොදී වල් කොළ අතුට නිදි සුව
      දිවා රෑ දුන් ශිල්ප විකුණන සේ
      පියාඹා යති කුරුල්ලෝ අහසේ
      හිඳී ගුරු දෙවි කන්තෝරු මිදුලේ....

      නොදී නිදහන් ගරන මන්තර
      පිදී පිරිසිදු උතුම් ශිල්පය
      පතුරුවා එළි පහන් දස දහසේ
      නිවී යයි ඒ පහන තෙල් නැති සේ
      කුමට ඉර හඳ වුණත් ඔබ අහසේ...

      පද - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - නෙළුක දීමන්ත ලියනගේ

      Delete
    4. පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
      පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
      සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
      අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

      සාමා අමර විකුණති බස් පොළේ කජු
      කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
      උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
      වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

      රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
      සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
      ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
      ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

      පැන මඩ කඩිති වැව් තාවලු ...

      සංගීතය: රෝහණ වීරසිංහ
      පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
      ගායනය : සුනිල් එදිරිසිංහ

      Delete