Sunday, August 17, 2014

කුමරියේ දුන්හිඳ...



"දුන්හිඳ සෙවනේදී...  2014.05.18  පස්වරුවේ.."




නොපෙනෙන දුරක ඉඳන්
මා අසලට ඇවිදින්
හෙමි හෙමිහින් රඟමින් ගලන්නේ...
මා ගත  රිදේවිදැයි...
බයද
මගේ දුන්හිඳ  කුමාරියේ...

 මා නොදන්නෙමි... 
ඔබ මට පෙම් කරන්නෙදැයි
ඔබෙ සුසුම් පොදින්...
මා හද ඇති යටගියාව
ඔබට දැනෙන්නෙදැයි මා නොම දන්නේ...

 රඟමින් හෙමි හෙමිහිට...
ඔය ලෙසටම යන විට
මා වගෙ උන් හමුවේදැයි නෑ මං දන්නේ...
ඒ හමුවුනොතින්...
මඟ හැරයන්නට...
ඔබට හැකියි නේද
මගෙ දුන්හිඳ කුමාරියේ...



23 comments:

  1. සේද සිහින සුදු දුන්හිඳ නුඹ...............

    සේද සිහින සුදු
    දුන්හිඳ නුඹ
    උස සීත නමුණුකුල
    ගිරිහිස මම
    මූණ බලාගෙන මේ විදියට
    මතු ජාති ජාතියෙත් උපදින්නද...

    නීල නුවන් නිල් තරු එළියට
    පෙම් ගීත ගයන
    මළහිරුදෝ මම
    පාරමිතාවෙන් යළි උපදින
    බැස යන්නද
    ජීවිත පියගැට පෙළ

    මාළිඟාව ළඟ පය පාමුල
    සුදු නෙළුමද මම
    සඳකඩ පහනක
    නාද නගන සඳ සඳළුව මත
    හිමි පාද සලඹ
    ගීයට පෙම් බැඳ..

    ගායනය - ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
      ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
      මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
      කාසි ඇතොත් මේ බෙලිමල්කඳුළු වතුර පොදක් බොන්න

      කැලේ ගිහින් නිදි වැරුවා කැකුණ සඳුන් දණ්ඩ දනී
      ඒ සඳුනෙන් සිත තැවරූ සුවඳ පවා සිහින වැනී
      අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු තැනට වඩී
      අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී

      රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සතුනි වනේ
      නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
      කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
      පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය උනේ

      පද රචනය : රුචිර පරණවිතාන
      තනුව : රෝහණ වීරසිංහ
      ගායනය : දීපිකා ප්‍රියදර්ශණී පීරිස්

      Delete
    2. උඩරට කඳුකරයේ...බැසයන සුන්දරියේ...

      සුකොමල දුන්හිඳ සුරතලියේ...ඔබ හෙළයට සිරිය ගෙනේ...

      කඳුගැට වටලා මිහිදුම පටලා සිරියෙන් රඟනු පෙනේ

      ඔබට රිදෙයිනම්..හෙමිහිට වැටියන්..දුන්හිඳ මනමාලී

      ගායනය - ඇනස්ලි මාලේවන.

      Delete
    3. සින්දු ඇනෝ, පුරුදු ලෙසම මෙම පිටුව ගීයකින් හැඩකලාට ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
    4. හැමදාමත් මගේ ළගින් හිද මාව දිරිමත්කරනවාට ඔබට ගොඩක්ම ස්තූතියි මනෝෂ්.

      Delete
    5. ඉන්දික, පළමුවෙන්ම ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒවගේම ඔබටත් ගොඩක්ම ස්තූතියි .

      Delete
  2. ලාල් හෑගොඩ සර්ගෙ "මා මිනිසෙක් ඔබ ගඟක් නිසා" කවි ටික මතක් වුණා...
    මේ පදවැල් ටිකත් අපූරුයි ඈ..

    ReplyDelete
    Replies
    1. චෙනදාවගේම ලෙන්ගතු කමෙන්ටුචක්. බොහොම ස්තූතියි මිත්රයා ඔබට.

      Delete
  3. දුන්හිදට මම ගිහින් තියෙන්නේ දැනට දෙපාරයි.. හැබැයි ඉතින් ඒ දෙපාරම මට ඒ ගැන ලියන්න තරම් අදහස් පහළ වුන කාලයක් නොවුන හන්දා මගේ අතින් මෙහෙම දේවල් ලියවුනේ නෑ..

    ලස්සන කවි ටික..

    ReplyDelete
    Replies
    1. දුන්හිඳට ආසන්නව සිටියත් මාත්් දුන්හිඳට ගිහිල්ලා තිියෙන්නෙ දෙපාරයි දිනේශ් . ඔබගේ අගයකිරිමට බෙහෙවින්ම ස්තූතියි. එය මට ශක්තියක්.

      Delete
  4. පට්ට...
    දුන්හිද වගේම අපූරු කවිපෙළක්...
    ඇත්තටම ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේශ්ගෙන් වෙනදා වගෙම හෘදයාංග කමෙන්ටුචක්. ස්තූතියි ඔබටත්.

      Delete
  5. Replies
    1. ස්තූතියි චතුරංග ඔබටත්.

      Delete
  6. නැහැනේ තවම දුන්හිඳ දැකලා මම.
    ලස්සනයි පද ටික.හෙමින් රඟන එක තමයි හොඳ.චණ්ඩව කඩා බසිනවාට වඩා.

    ReplyDelete
    Replies
    1. මනෝජ්, දුන්හිඳ කියන්නෙ නැරඹිය යුතුම අපූර්වතම ස්වභාවික නිර්මාණයක්. අනිවාර්යයෙන්ම නරඹන්න යන්න දවසක. ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  7. ඔබ මෙන්ම මාද පෙම් කරමි දුන්හික කොමළියට.. පද වැල අගෙයි

    ReplyDelete
    Replies
    1. දුන්හිඳ කොමළියදුටු නොදුටු ඹිනෑම අයෙක් ඇයට පෙම් කරනවා. ඔබේ හෘදයාංගම ඇගයීමට බෙහෙවින්ම ස්තූතියි නලීන්.

      Delete
  8. දුන්හිද ඇල්ලෙන් නාලා...
    අංජන මල් මී ගාලා.......

    තව එකක්

    සාරි ඉරලා දුන්හිද ලඟ නටමු රත්තරං...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා.. අගේ ඇති පද පෙලක්...

      Delete
    2. ස්තූතියි විදානේ ගොඩක්ම. දුන්හිඳ ගැන ලියැවුණු අපූරු ගීත බොහොමයි. ඒචානම් අති විශිෂ්ටතම නිර්මාණ.

      Delete