Wednesday, August 20, 2014

ටීචර් අක්කා




"ඔබේ හදවත් මංතලාවේ..."





"නොහැකි වූ මුත් දිසාපාමොක්

වන්න මට ඒ තක්ෂිලාවේ...

නිල නොලත් ගුරුවරිය වෙමි මම

ඔබේ හදවත් මංතලාවේ...

කෙඳිරිගාමින් අකුරු කරනා

අයුරු පුත ඔබ පුංචි පිටුවේ...

දැක මගේ මැලවෙලා ගිය හද

පිබිදි පිබිදී යලි සිනාසේ..."


                                         -2014.05.17



19 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි චතුරංග ඔබට .

      Delete
  2. නංගෝ මට දැනුනේ මේ වගේ ....

    අම්මා නැති මට කිරි අම්මා වී
    කළු‍වර ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

    පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
    ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පදමට දී මට නැණනෙත් පෑදූවේ...

    අම්මා නැති මට...//

    මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
    ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
    මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

    අම්මා නැති මට...//

    ගායනය - වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. ඈ මගේ නෙළුම් මල
      රොන් සුවඳ බෙදා දෙන
      වන්නි ගම් දොරක පීදෙන
      පුංචි පැටව්නට


      හේනට එන ගිරවුන්ගෙන්
      අකුරු ඉගෙන ගෙන
      අහසේ තරු ගණන් කරන
      ගල්කැට ඇහිඳින
      පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල


      ඉල්මාසේ වැහි එනතුරු
      නියගෙට වේලෙන
      නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
      වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට"


      ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
      තනුව - එච්. එම්. ජයවර්ධන
      ගායනය – ගුණදාස කපුගේ

      ඔන්න ඔහොමයි ඉතින් මටනම් හිතෙන්නෙ හැමදාමත්..

      Delete
    2. සින්දු ඇනෝ, බොහොම ස්තූතියි ඔබටත් ඔබෙි ගීයටත් ඒ ගීතය දැකීමෙන් හිතට ඉමහත් සතුටක් දැනුනා.

      Delete
    3. පුරුදු සෙනෙහෙවන්ත කමෙන්ටුචටත් අපූරු ගීයටත් හදවතින්ම ස්තූතියි මනෝෂ්.

      Delete
    4. සින්දු ඇනෝ මටත් ඔය සින්දුවම මතක් වුණා.

      Delete
  3. // කෙඳිරිගාමින් අකුරු කරනා

    අයුරු පුත ඔබ පුංචි පිටුවේ...

    දැක මගේ මැලවෙලා ගිය හද

    පිබිදි පිබිදී යලි සිනාසේ..." // හිතට දැනුනු පද පෙලක්.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි ඔබටත්.

      Delete
  4. මට මගේ පොඩි අක්කාව මතක් උනා... (කරුමේ කියන්නේ එයා උගන්වපු කිසිදෙයක් මං කනකටවත් ගත්තේ නැති එක මොකද එයා මගේ අක්කනේ )

    අගේයි පද පෙල...

    ස්තුතියි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මම නම් තාමත් ටීචර් අක්කා කෙනෙක් විදානේ. ඔබටත් බෙහෙවින් ස්තූතියි.

      Delete
  5. ටීචර් අක්කා කිවුවම මට කෙනෙක්ව මතක් වුනා.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මතකයන් සමඟ දෙයක් රසවිඳින්න ලැබුනම ඒකෙ අමුතු මිහිරක් තියෙනවා.ස්තූතියි දිනේශ් ඔබටත්.

      Delete
  6. පට්ට ඈ....
    අපූරු හැගීම් දනවන සංවේදී කවියක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබෙි කමෙන්ටුච කියවීමෙන් හිතට සතුටක් දැනුනා මහේශ්.අගයකිරිමට ස්තූතියි බොහොම.

      Delete
  7. ටීචර් අක්කා කෙනෙක් මට හිටියේ නැහැනේ..:(
    මේක දැක්කාම හිතුනා මටත් එහෙම අක්කෙක් හිටියා නම් කියලා.

    ReplyDelete
    Replies
    1. හිත සංවේදී කරවන සිතිවිල්ලක්නෙ මනෝජ් ඔබට හිතිලා තියෙන්නෙ. ස්තූතියි ඔබටත් මිත්රයා.

      Delete
  8. හිතට දැණුනු කවි පද ටිකක්...
    ලස්සනෝ.......................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරක ඔබටත් බෙහෙවින්ම.

      Delete