Friday, September 19, 2014

අත්වැරැද්ද..

" නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්..
කොහේ සැඟවුණිදෝ.."






ඔබ මගේ කවුරුදැයි මට නොවැටහේ
මගේ කෙනෙකුන් කියා පමණක් මට දැනේ
නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්
කොහේ සැඟවුණිදෝ..

සුදු වළාවන් පැහැ රුවින් ගත්
වැහි වළාකුළු ආත්මය ගෙන
මගේ ලෝකෙට පැමිණි වග මං
අනේ දැන සිටියනම්..
මගේ තුරුළෙන් මොහොතකටවත්
ඉවතලන්නෑ උඹව මං..

උඹත් සමඟම හිඳින්නැතිවම
උඹව කැටුවම එන්නෙ නැතිවම
මග දමාලා ඇවිත් මේ දුර
නිමා වූ පසු සියලු දේවල්..
අකාලේ පරවූ මගේ මල
රැගෙන දෝතින් මගේ දෑතට
සමාවන් මට මයෙ පුතේ යැයි
පවසන්නෙ කෙලෙසද මං..

                                         
                                                    -සුදු පුංචාගේ නික්ම යාම...




20 comments:

  1. පූසෙක් ගැන නේද... අපූරු කවියක්.. වගේම හිත දුක ගේන කවියක්...
    මං පූසන්ට කැමති නං නෑ... ඒත් කවිය කියවං යද්දි මොකද්ද අමුතු හැගීමක් දැනුන...
    පූස ආයෙත් කොහෙහරි කව්රු හරි වෙලා හරි ඉපදෙයි..... මතක විතරක් ඉතුරු වෙයි...

    ReplyDelete
    Replies
    1. මහේශ්, එක එක කෙනාට ජිිවිතේ සමිිපවෙන අය විවිධාකාරයි. සමිපතමයො කීවම ගොඩක් අයට මතක්වෙන්නෙ පවුලේ අය.ඒත් ජීවිතයේ සමහර අවස්ථා තියෙනවා ඒ හැමෝටම වඩා අපේ ළගින්ම ඉන්න අය. පුංචිකාලෙ තමන් ළගින්ම හිටපු දරැවොගිය දිහාවක් වත් නොදන්න දෙමාපියන් දහස් ගනනකගෙ එකම සැනසුම, එකම සමීපතමයන් වෙලා ඉන්න අපූරු සත්තු ඉන්නවා.උන් අපේ හිත් ආදරයෙන් පුරවනවා. ස්තූතියි ඔබට වෙනදා වගෙම.

      Delete
    2. Pusonta, ballonta ( wisheshayenma asarana wuu ayata) mama harima adarey. Darruwan wage adaren balaa ganna ewani aya 17 k maa langa innawa. Owun miya yanawita maa handana tharam.maa shin adu paduwak wunaada sithamin duk wenawa. Methek ethek miya giya Hama puusekma ballekma mata mathakay. E mathakaya nithaeama kandulak.obath sathunts adare wagey penne. Obata sthuthiy. Ahimi wuu sudu puusa wenuwen asarana puusekta udaw kireemata obata haki wewa

      Delete
    3. Pusonta, ballonta ( wisheshayenma asarana wuu ayata) mama harima adarey. Darruwan wage adaren balaa ganna ewani aya 17 k maa langa innawa. Owun miya yanawita maa handana tharam.maa shin adu paduwak wunaada sithamin duk wenawa. Methek ethek miya giya Hama puusekma ballekma mata mathakay. E mathakaya nithaeama kandulak.obath sathunts adare wagey penne. Obata sthuthiy. Ahimi wuu sudu puusa wenuwen asarana puusekta udaw kireemata obata haki wewa

      Delete
    4. පළමුවෙන්ම ඔබට ස්තූතියි ඇනෝ යාලුවා. ඇත්තෙන්ම ඔබ වගේ කෙනෙක් අඳුනගන්න ලැබීම සතුටක්.

      Delete
  2. //ඔබ මගේ කවුරුදැයි මට නොවැටහේ
    මගේ කෙනෙකුන් කියා පමණක් මට දැනේ// +++++++++

    අපේ ජීවිත කාලෙ ඇතුලෙ අපිට නමක් දෙන්න බැරි බැඳීම් කොයිතරම් නම් ඇති වෙනවද? මනුස්ස‍යො සමඟ පමණක් නොව සතා සීපාවා ගහකොල සමඟ පවා.!!

    පද ටික අපූරුයි!

    ReplyDelete
    Replies
    1. පිුයශාද්, ඒකනමි ඇත්ත. වෙලාවකට ඒ නමක් දෙන්න බැරී බැදීම් තමයි අපිව ජීවත් කරවන්නෙ. ඔබ කීව වගේ ගහකොළ,සතාසිව්පාවුන් සමඟ ඇතිවන බැදීම් අන් හැමදේටම වඩා අපිට සමීපවෙනවා.

      Delete
    2. වීර් සාරා ෆිල්ම් එකේ වීර් අන්තිමේදී උසාවියේදී කිව්ව කතාව මතක් වෙනවා.

      Delete
    3. මනෝ වීර් කිව්වේ "අය්ය්න්ඩ් බිය නොවන්න මම ගමේ කොල්ලෙක් " කියලා නේද ???

      Delete
    4. @ප්‍රියා
      //මනුස්ස‍යො සමඟ පමණක් නොව සතා සීපාවා ගහකොල සමඟ පවා//
      විභූති භූෂණයන්ගෙ අරණකට පෙම් බැඳ පොත මතක් වුණා... :)

      Delete
    5. සංචාරකයා, ස්තූතියි ඔබටත්..

      Delete
  3. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්කෝ - ගෞතම බුදුරජාණන් වහන්සේ

    ReplyDelete
    Replies
    1. කොච්චර බණ ඇහුවත් ඒ වෙන්විම දුක බව දැනදැනම අපි බැදීම් ඇතිකරගන්නවනෙ මිත්රයා.

      Delete
  4. ජීවිත රංග මඩලේදී බොහෝ දෙනා මුන් ගැසෙනවා , හිතේ රැඳෙන්නේ , ආත්මයට ඇතුළු වන්නේ කීයෙන් කී දෙනාද? දරුවන් දෙමාපියන් වුනත් හැම කෙනෙක්ම එක වගේ හිතට එබෙන්නේ නෑ ,

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි ඉවාන්. ස්තූතියි ඔබට.

      Delete
  5. කව්රු උනත් සිත් ගත් කෙනෙක් නෙව. ඒකයි ඔය...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දේශක, ඇත්තෙන්ම මේ මගේ සිත පාරවපු සිදුවීමක්. කවුරැහරි ඒක හරි බොළඳයි හිතනවනම් එය හරිම වැරැදි සිතිවිල්ලක්. ස්තූතියි ඔබට ගොඩක්.

      Delete
  6. ජීවිතේදි අපිට කොයි තරම් අය හමු වුනත් ඒ අය අත රින් අපේ ජීවිත වලට හුඟක් සමීප වෙන්නේ බොහොම සුළු පිරිසක්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තුශානි. ඒ සුලු පිරිස අතරින් මගේ හිත අතිශය සංවේදී උන අවස්ථාවක් මේ. ස්තූතියි මිතුරිය ඔබටත්..

      Delete