Friday, October 17, 2014

පරණ අඹුවක්...

"ගනිමි තවත් නාකි වුනත් දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්.."




රූපය වාගේම ළඳේ
චරිතෙත් මට ඕනෑමයි
ඒහින්දයි මං ගැන මං
පත්තරේට නොම දැම්මෙත්..
හිතුවේ උඹෙ ලන්සුවටයි
උඹේ කදිම රෑපයටයි
කිසිවක් නොසොයාම මෙමා
බහදෙයි කියලාම නොවෙද?
ගෙදරටම නාකි වුනත්
ගන්නේ නෑ මං අඹුවක්
පාරෙ බැහැලයද්දි මාව
කරන අතරමං..
හරියන්නෑ මේ විගඩම්
ගනිමි තවත් නාකි වුනත්
දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්..



35 comments:

  1. එල ද බ්‍රා..
    මට කවි වලින් කමෙන්ටු දාන්න තේරෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කවි වලින් කමෙන්ටු අවශ්‍ය නැහැ මෙන්ඩිස්. ඔබේ මෙම අවන්ක අදහස් හොඳටම ඇති. ස්තුතියි ඔබට.

      Delete
  2. දෑවැද්ද ‍ඕනමද දන්නෑ නේහ්... නැත්තං ඔය කව්රු හරි කූට්ටාලි කරල දෙන්න තිබ්බ...
    මට ඔය දෑවැද්ද ඇහන්නෙම කලවැද්ද කියනව වගේ...
    ඕ යේස්...
    කවිය නං පට්ටහොදේ..........

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙකුත් දීල තව දෑවැද්දකුත් දීපංකො. හරිනම් කොල්ලයි දෑවැද්දක් දෙන්නෝනි කෙල්ලගේ ගෙදරට උගන්නල උස් මහත් කරල කොහෙවත් යන එකෙකුට දෙනවට.

      Delete
    2. හරිනම් කොල්ලයි දෑවැද්දක් දෙන්නෝනි කෙල්ලගේ ගෙදරට උගන්නල උස් මහත් කරල කොහෙවත් යන එකෙකුට දෙනවට////
      මනෝ දෙන්න හිතං ඉන්නවද දන්නෑ නෙ...
      හෙක් හෙක්...
      මට නං දෑවැද්දක් දෙන්න ඇහුවොත් ඉල්ලන්නෙ කන් දෙකේ ගහගන්න ඇබ දෙකක්.. ඒ යේස්...

      Delete
    3. හැබෑටම මොනාද උඹ ඉල්ලන්නෙ. කියහංකො.

      Delete
    4. සඳ තරු මල් මට දන් දුන්
      මගේ රුසිරු නුඹ අරගන්..
      හිරු තෙද වන් මට දන් දුන්
      මගේ ඔටුනු නුඹ ලාගන්..
      දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

      ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
      මගේ නුවණ නුඹ අරගන්..
      පතිනි මවුන් මට රැක දුන්
      මගේ බලය නුඹ අරගන්..
      දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

      සඳ තරු මල්...

      ඇල දොල ගං මට දන් දුන්
      හදේ සිසිල නුඹ අරගන්..
      මහ වන විල් මට දන් දුන්
      හිතේ සුවඳ නුඹ අරගන්..
      දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

      සඳ තරු මල්...

      ගායනය - අතුල / සමිතා
      පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි
      සංගීතය : රෝහණ වීරසිංහ

      Delete
    5. සින්දු, ++++++++++ මමයි ප්‍රියාවියි දෙන්නම ආස සින්දුවක් බං! ඒ විතරක්ය පොඩි කමට පොඩි ප්‍රියාවිත් ඔය සින්දුව ඇහෙත්දි අහගෙන ඉන්නවා අපූරුවට.

      Delete
    6. සමහර ගීත තියෙනවා බං, ජීවිතේටම ආවේණික.

      Delete
    7. වාහනයක් ගන්නකොට නම් වගකිමක් ඇතිවම ගන්න ඕන මහේෂ්.නැත්නම් ඉතින් මග තමයි. ස්තුතියි මිත්‍රයා.

      Delete
    8. මනෝශ්, දැවැද්ද හරි නේදෝ?!...

      Delete
    9. සින්දු ඇනෝ, මේ ගියට මම පුංචිකාලෙ ඉදලම හුගාක්ම ආසකරනවා.ඒ ගිතය ඇහෙනකොට හිතට අමුතු සතුටක් දැනෙනවා.මේ දැනුත් මතක්වෙනවා දුවව ලගතියාන ඒ දෙන්නා ගායනාකරනවා ඒකාලෙ රූපවාහිනියෙන් පෙන්නුවා. ස්තුතියි බෙහෙවින්ම.

      Delete
    10. ඒක ඇත්තා ප්‍රියශාද්, එය හරිම අපූරු ගීතයක්.

      Delete
  3. සැක්! පරණ ලොරියකුත් සරි, ලෙඩ ගෑනියෙකුත් සරී.

    ReplyDelete
  4. දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
    ගෙදරට බර වුණු බාල නගේ
    නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
    රටෙත් කෙනෙක් නැහැ බාල නගේ

    විරසක වීලා විරහ අපලයෙන්
    නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
    නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
    ළිප මුල්ලේ යෞවනය ගෙවේ

    රන්දම් පැළඳිය යුතු ගෙල වටකර
    නවගුණ වැල පෝ දිනට බැඳේ
    දීගෙක ගියදා නුඹට දැනේවී
    තනිකඩකම කොච්චරද අගේ

    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. මගේ එකතුවට තවත් වටිනම ගීතයක්. ස්තූතියි මචෝ...

      Delete
    2. ඇත්තෙන්ම ඔබේ මේ ගීත වලට බෙහෙවින්ම ස්තුතියි මිත්‍රයා

      Delete
  5. 40 ශ්‍රී ලොරියක් තියෙනවා අපේ යාළුකේ ගාව ඕනද??

    ReplyDelete
    Replies
    1. රට අතැරලා යන කෙනෙක් ගේ නේද ??? හැක හැක්

      Delete
    2. 40 ශ්‍රී එක ගැන දේශට සෑහෙන අවුලක් තියේ වගේ

      Delete
    3. හ්ම්..හ්ම්.. මටත් හිතේ...

      Delete
    4. ඔව් අඩුවට දෙනවලු.. ඔය බිස්නස් එක කරල දුන්නොත් කනක් ඇහිල ඉන්න ඇහැකි ඒ යාළුවගෙන්. ඒකත් කියන්න බෑ මේ යකා පරණ ලොරි කටු බ්‍රොක්ර කෙනෙක්ද කව්ද දන්නේ.

      Delete
    5. අනේ මට ඕවට රිප්ලයි කරන්නනම් තේරෙන්නේ නැහැ.

      Delete
  6. බඳින්න සෑහෙන්න කාලයක් බලන් ඉන්න වෙයි ඔහොම ගියොත්! :D

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මඟ නවතින ලෙඩ ගොඩකට අහුවෙන්නත් බෑනෙ බං.

      Delete
    2. ඒකනම් එහෙම තමයි ප්‍රියශාද්. ඒත් ඉතින් ඉක්මන් වෙලා වාහනයක් අරන් මග ඉන්න උනොත් මොකද කරන්නේ. ස්තුතියි ඔබට.

      Delete
  7. ඔන්න වැඩේ ...

    දෑවැද්ද විතරක් ගන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ, එතකොට වොරන්ටි සහ ඉන්ෂුවරන්ස් එක විතරයිනේ.

      Delete
    2. බැඳීලා කාසි බැම්මේ පෝසතාගේ දෝණි දේ බැඳලා
      විවාහේ වෙන්නෙ තරුණා බාරිගේ දායාදේ බලලා

      සොයන්නේ නෑ කිසිත් දෙදෙනා වෙළීලා කාසි තණ්හාවේ //
      තමන්ගේ මවු පියන්ගේ දූ දරුන්ගේ ජීවිතේ අඳුරේ

      විනාසේ වේ යෙදී බෑණා සුරා පානේ දුරාචාරේ //
      සිතේහී ප්‍රේමයක් නෑ බාරි කෙරෙහී යම ලොවකි නිවසේ

      රජාගෙන් නෑ සැපක් ලෝකේ
      අඹු සැමියන් නැතොත් ප්‍රේමේ
      නැසේ පවුලේ සමාදානේ
      දිළින්දාගේ පැලේහී වාසි සැප වේ මාවතේ නිදනා
      බැඳීලා

      ගායනය – රුක්මණී දේවි
      ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
      සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

      චිත්‍රපටය – පෙරළෙන ඉරණම

      Delete
    3. වාහනේ එපා නම් ඒව මොකටද? ඕනිමනම් පුළුවන් වෙයි. ස්තුතියි ඔබටත්.

      Delete
  8. හෙක් හෙක් සෑහෙන්න සලකා බැලිය යුතු පුරස්නයක්.

    //ගෙදරටම නාකි වුනත්
    ගන්නේ නෑ මං අඹුවක්
    පාරෙ බැහැලයද්දි මාව
    කරන අතරමං..//

    අනේ ගැටවනේ නිකා ඉඳ හල්ලා
    ලිඳේ පනිට්ටුව වගේ මගේ හිත
    මගේම බාරි සමග සවාරි
    මගේම බාරි සමග සවාරි
    යන ඒ කුලුදුල් දවස අදයි
    යන ඒ කුලුදුල් දවස අදයි

    ReplyDelete
    Replies
    1. මේක ලියල ඉවරවෙලා ආපහු කියවනකොට මටත් ඒ ගීතයම මතක්වුනා. ස්තුතියි ඔබට මිත්‍රයා.

      Delete