"පා තබා පිය නගමු අප දැන් පුරුදු මහ පොලොවේ
අපෙ අලුත් රඟ මඬලේ..."
පබඳින්න අවැසියි
නැවුම් කවියක්
ඔබේ හද මඬලේ
ඉදින් දැන්
අවසරද සබඳේ...
තැනූ මන්දිර
විසල් සිහිනද
බිඳී ගිය සඳ මෙදිනේ
හෙටින් ඇරඹෙන
නැවුම් දිනයේ
වහින්නට අවැසියි මට
අලුත් වැස්සක් වී
අපෙ පුරුදු ආකාසේ...
කිමද ඉගිලෙන්නට හදිසියක්
කුමට පැන යන්නට නොඉවසුමක්
ඉදින්...
පා තබා පිය නගමු අප දැන්
පුරුදු මහ පොලොවේ
අපෙ අලුත් රඟ මඬලේ...
අලුත් වැස්සක් වහින්නට සැරසේ
ReplyDeleteපුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬවී සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැරසේ...
අහසේ වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැතත්
කවදාද නියගය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපත් ළඟමයි
දිය දහම ඒ විලසයි
දිය දහම ඒ විලසයි....
අලුත් වැස්සක්...
වළාකුළු අහසට ඇවිත් මොනවාද
මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපත් ළඟමයි
දිය දහම ඒ විලසයි
දිය දහම ඒ විලසයි...
අලුත් වැස්සක්...
පද රචනය : සුනිල් ආර් ගමගේ
සංගීතය : රෝහන වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
උඹලා දෙන්නා කොහේ මකබෑ වුනාද බොලව් හිටපු ගමන්
Delete// හෙටින් ඇරඹෙන
ReplyDeleteනැවුම් දිනයේ
වහින්නට අවැසියි මට
අලුත් වැස්සක් වී
අපෙ පුරුදු ආකාසේ...//
ලස්සනයි...................
පුරුදු ආකාසේ උනත් අළුත් ගමනක් යන්න තියෙනවනම් ඒක හරි සුන්දරයි..
ReplyDeleteකාලේකින් නේද ... අලුත් වැස්සක් එක්ක හම්බවෙමු එහෙනම්.. :)
ReplyDeleteහමුවෙමු අලුත් රඟමඩලේ
ReplyDeleteඅලුත් වැස්සේ තෙමෙන්නට සිත් සේ
ReplyDeleteපරණ මතක අමතක කරලමු මනසේ