Wednesday, September 26, 2018

•යදම් අමතකද පා බැඳි විලංගුවේ.....


"සමන් දෙවිරජ දකින්නැති එය
                 ඒ නිසයි මේ හැටි හඩන්නේ.."




යදම් බැද දා හෙන්ඩුවත් ගෙන මා නටවනා මිනිසුනේ..
සිතන්නේ නුබ මේ අනෝරා වැහි
නුබ වෙනුවෙන්දැයි..
නුබේ නෙත් සිත්අහක බැලුවත්
මගේ සිව්පා නුදුටු සේ.
සමන් දෙවිරජ දකින්නැති එය
ඒ නිසයි මේ හැටි හඩන්නේ..

නොතැවෙන්න නොහඩන්න ඔය හැටි මා සමන් දෙවි ප්‍රිය හිමියනේ..
මගේ සිව්පා නොරිදේය ඒ හැටි
මේ යදම් වැල් වලින්..
අඩිය තැබුවත් යදම් ඇතිදුරින්
පෙරහැරේ ඉදිරිය බලා..
දනිමි ඔබ මා දෙස බලා
කප්පරක් දුක් තැවෙන වග නම්..

බොහොම පින්කල සත්වයොලු උන්
බොහොම මොළ ඇති සත්වයොලු උන්
බුදුරජයි ඒ බව වදාලේ
අපිව නටවා යදම් බැදලා
ඔවුන් ලබනා විනෝදේ
නොදුටු මා නෙත් කදුලු ගංගා
තුටින් හිනැහෙන විලාසේ
දුටුව මා හද තුටින් සැනසෙමි
මිනිස්කම් නොලද නිසාවේ..



7 comments:

  1. පවට පින දෙන්න බැහැනේ මචෝ...
    මේක පවුකාරයෝ පිරිච්චි අවාසනාවන්ත රටක්...

    එහෙම රටක සතෙක් වෙලා ඉපදෙන එක ඊටත් වඩා අවාසනාවක්...

    ReplyDelete
  2. යකෝ, උඹ අවුරුදු 3කත පස්සෙනේ බෝල බ්ලොග් එකට ඇවිත් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. Me kawikarige blog eka machan. "Piyasatahan"....

      Me eya liwa kawiyak, mepara perahera balala liwa ekak.

      Delete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  4. ඇත්තටම ලසලස්සපද ොනුවක්

    ReplyDelete