සිත්තම් කරමි මම
ඔබේ රුව බිත්තියේ
මගෙ සිතින්..
තබා ඔබෙ දෙතොලගට
මා දෙතොල්..
පණපොවම ඔබෙ රුවට..
සිනාසෙයි පෙර සේම
මා දෑස් අබියස සිට ඔබ..
තබා ඔබෙ හුස්මපොද
මගෙ උනුහුමට..
ගියා නුබ වළාවන් ගැබ්බරකර
ඇදහැලෙයි දැන් දැන් මහා වැහි..
ඉදින් ගුලිවෙමි මා
ඔබේ හුස්මපොදයට..
සරදම්කර
අනෝරා වැහි කදට..
Friday, March 27, 2015
යළි එනතුරා...
Tuesday, March 10, 2015
පළමු පෙම
මතක ඇති දා පටන්
සිහිනදුටු පළමු පෙම
අතැර නුඹ
පෙම්කලා අන් පෙමකට...
නමුත් මා දනිමි.,
පසුතැවෙන වග නුඹ
සිහිකරමින් නුඹෙ කුළුදුල් පෙම
යළි ආපසු හැරුමට ඇත්නම්...
දිවගොසින් ඒ දෙසට
නොපෙනෙන්න නික්මයමි
ඔබගේම ලෝකයෙන්
හිමිකරදී නුඹට
නුඹේ සරසවි ප්‍රථම පෙම..
Friday, October 17, 2014
පරණ අඹුවක්...
"ගනිමි තවත් නාකි වුනත් දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්.."
රූපය වාගේම ළඳේ
චරිතෙත් මට ඕනෑමයි
ඒහින්දයි මං ගැන මං
පත්තරේට නොම දැම්මෙත්..
හිතුවේ උඹෙ ලන්සුවටයි
උඹේ කදිම රෑපයටයි
කිසිවක් නොසොයාම මෙමා
බහදෙයි කියලාම නොවෙද?
ගෙදරටම නාකි වුනත්
ගන්නේ නෑ මං අඹුවක්
පාරෙ බැහැලයද්දි මාව
කරන අතරමං..
හරියන්නෑ මේ විගඩම්
ගනිමි තවත් නාකි වුනත්
දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්..
Wednesday, October 15, 2014
Tuesday, October 7, 2014
ආගන්තුක පෙම්වතියට...
"ඒත් මගෙ සිත ඔබම සෙව්වා..."
යළි යළිත් ඉපිද මැරෙන
සොඳුරු වූ සිහිනයන් අතරින්
නුඹේ රුව මට මැවී පෙනුණා
මං එනකල් මඟ බලන් හිඳිනා..
යළිත් කිසිදින හමුනොවන වග
පුන පුනා හදවත කියද්දී
මගේ දෑසින් කඳුළු බිඳුවක්
මටත් නොදැනිම බිමට වැටුණා..
ඇවිත් නුඹ හා මඟක් දුරකට
දමාලා යළි එන්නෙ කෙලෙසද
ඒ නිසා නෑවිදින් ඉන්නට
මං මගේ හිත හදාගත්තා..
ඒ නමුත් ඒ පුංචි ඇස් පොඩි
මගේ ඉදිරියෙ මැවී පෙනුණා
අහිංසක නෙත් නොදකින්න මං
මගේ දෑසම වසාගත්තා..
ඒත් මගෙ සිත ඔබම සෙව්වා...
(විශේෂ අධ්‍යාපන පීඨයට)
Friday, September 19, 2014
අත්වැරැද්ද..
" නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්..
කොහේ සැඟවුණිදෝ.."
ඔබ මගේ කවුරුදැයි මට නොවැටහේ
මගේ කෙනෙකුන් කියා පමණක් මට දැනේ
නැඟුණු සඳ බැස යන්නටත් කලියෙන්
කොහේ සැඟවුණිදෝ..
සුදු වළාවන් පැහැ රුවින් ගත්
වැහි වළාකුළු ආත්මය ගෙන
මගේ ලෝකෙට පැමිණි වග මං
අනේ දැන සිටියනම්..
මගේ තුරුළෙන් මොහොතකටවත්
ඉවතලන්නෑ උඹව මං..
උඹත් සමඟම හිඳින්නැතිවම
උඹව කැටුවම එන්නෙ නැතිවම
මග දමාලා ඇවිත් මේ දුර
නිමා වූ පසු සියලු දේවල්..
අකාලේ පරවූ මගේ මල
රැගෙන දෝතින් මගේ දෑතට
සමාවන් මට මයෙ පුතේ යැයි
පවසන්නෙ කෙලෙසද මං..
-සුදු පුංචාගේ නික්ම යාම...
Wednesday, September 3, 2014
මල් සුවඳ...
"හේනට එන ගිරවුන්ගෙන් - අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන - ගල්කැට ඇහිඳින"
මල් සුවඳ පිරී ඇති
මගෙ හපුටු පැටවු ළඟ
හැමදාම එක ලෙසම
සිල් සුවඳ හමනවා..
නොවුනාට පොත්ත රතු
දිලිහෙනා හිනා කැන්
වලින් හැම පාන්දර පාන්දර
මගේ හිත පිරෙනවා..
පුංචි පැන්සල් කොටෙන්
හීනියට හෙමිහෙමින්
ගැටගහන අකුරු පොඩි
පිටු පුරා පිරෙනවා..
නමට මල් කැකුළු වන
උඹල හැමටම වඩා
මගෙ හිඟන පැටවුන්ව
හැමදාම මට වටිනවා..
Subscribe to:
Posts (Atom)

.jpg)


