"උඹේ ඇහින් කඳුලක් මං
වැටෙනා තුරු බලන් හිටියා.."
"සුදු කොඩි වැනෙනා හෙවනැලි
අතරින් මහ මැදියම් රෑ
උඹේ ඇහින් කඳුලක් මං
වැටෙනා තුරු බලන් හිටියා..
උඹේ කර මතින් සොහොනට
මං යනකොට මයේ පුතේ
වෙනදා මෙන් හිත අස්සෙන්
තනියම මං හඬා වැටුණා...
මෙවන් යකඩ ගැහැණියකගෙ
කුසේ උපන්නාට පුතේ
එදා වාගේම අදත්
උඹ පසුතැවුණා...
දාහකගේ නෙත් පාදන
උඹවන් පුතෙකුන් බිහිකල
මං ගැන හිත හිතා මෙමා
සැමට හොරෙන් හිනා උනා..."
උඹේ අදහස් නම් බං කියලා වැඩක් නෑ කවුරුවත් වැඩිය හිතන්නෙ නැති පැත්තක් නෙ.සුප්පා ඈ......
ReplyDeleteඅප්පටසිරි මං එකද කොහෙද?
Deleteබොහොම ස්තූතියි යාලුවා, මගෙ හිතට ලොකු ශක්තියක් දැනුනා. මේ මගෙ හිතට තදින්ම දැනුන සිදුවිම් වලින් එකක්.
Deleteවැදගත් තැනක මුල් තැන.
Deleteඅඩේ තෝ මට නොකිය කිව්වනෙ ඇන්ටන් කියලා.....තෝව නම්...............
Deleteඔන්න ඉතින් උඹ අරන් තියාගත්ත. හැක්!! හැක්..!
Deleteතව ලියන්න.. ලියන්න ලියන්න.. එතකොට හොදටම හොදයි.. අතාරින්න එපා...
ReplyDeleteදේශක, ඔබටත් බෙහෙවින්ම ස්තූතියි මේ දිරිමත් කිරීමට.
Deleteගොඩක් අය ලියන සුරංගනා කවි වලට වැඩිය මේව මාර විදිහට දැනෙනවා බන්.. නියමයි..
ReplyDeleteසංචාරක,ඔබටත් ගොඩක්ම ස්තූතියි. මෙිි ලෝකෙ සුරංගනා ලෝකයක් උනානමි මේවගේ දෙයක් කවදාවත් ලියවෙන්නෙ නෑ.
Deleteඋඹ ඉන්න විදියට දුක හිතෙනවා බං.
DeleteThis comment has been removed by the author.
Delete@මනෝ
Deleteමොකා කීවත් මේක වෙනස් කරන්නෙ නෑමයි.. :D
උඹ නිකං ගං වතුරෙන් අනාතවෙච්ච සරණාගතයෙක් වගේ! හැක්!! හැක්!!
Deleteපට්ට පට පට....
ReplyDeleteකව්රුවත් වැඩිය නොකියන පැත්තක්..
ලස්සනයි වගේම තාත්විකයි..
ජයවේවා
ඔබගේ අගයකිරිමත් මට මහත් ශක්තියක් මහේශ්. ඇත්තේම ගොඩක් ස්තූතියි.
Deleteඅවංකවම අපූරුයි.!
ReplyDeleteමනෝ එදා කියපු කතාව හරි. ඔබ හොද කිවිදියක්.!!! දිගටම ලියන්න.!
පිුයශාද්, ඔබගේ අගයකිරිමටත් අවංකකම ස්තූතියි.
Delete// දාහකගේ නෙත් පාදන
ReplyDeleteඋඹවන් පුතෙකුන් බිහිකල
මං ගැන හිත හිතා මෙමා
සැමට හොරෙන් හිනා උනා... // හිතට දැනුන පද වැලක්... හරිම අපූරුයි..
මෙය ලිවීමට පෙර එයට පාදක වූ සිදුවිම හේ්තුවෙන් මා සිතට දැනුන හැගීමෙන් බිදක් හෝ ඔබටත් දැනේනමි එයයි මගේ සාර්ථකත්වය. ඔබට ස්තූතියි මිතුරියේ.
Deleteහතර පස් වරක් කියෙව්වා!!!!
ReplyDeleteඅගෙයි බොහොම.................
ලියමු දිගටම
ජ ය වේ වා !!!!!!!!!!!!1
විදානේ, බොහොම ස්තූතියි ඔබටත් මේ දිරිමත්කිරීමට.
Deleteඇහැල ගස යට මිදුලේ
ReplyDeleteසිහිල දනවන වදුලේ
පාසලේ අප පන්‍තියයි මේ
හිතට නිවනක් සැලසූ
හිසට සෙවණක් නැතිවූ
සඳ නැති ආකාසේ
තනි එළියකි පෑවේ
කුමුදාසනයකි පන්‍තිය මේ පොඩි//
ගුරු තරුවක් පායා සඳ සේ
සඳ නැති ආකාසේ
ගුරු තරුව (ජයලත් මනෝරත්‍න)
සින්දු ඇනෝ . නම නම් ඔබට අපූරුවට ගැළපෙනවා. ඔබටත් බොහොම ස්තූතියි.
Deleteඔබ ඉතාම කදිම සාහිත්‍යවේදියෙක් සිංදු...
Deleteපියාඹා ඉහටත් උඩින් හැමගේ
Deleteසිංදු කියනා කුරුල්ලනි අහසේ
දුටුවාද ඔබ පයින් ඇවිදින
වාරු නැති වුණ ගුරුතුමා ඔබගේ
පර වෙලා නෑ පා පියුම් ඔහුගේ
පියිඹා ඉහටත් උඩින් හැමගේ....
නොපා වේවැල් කෝටු දෑතට
නොදී වල් කොළ අතුට නිදි සුව
දිවා රෑ දුන් ශිල්ප විකුණන සේ
පියාඹා යති කුරුල්ලෝ අහසේ
හිඳී ගුරු දෙවි කන්තෝරු මිදුලේ....
නොදී නිදහන් ගරන මන්තර
පිදී පිරිසිදු උතුම් ශිල්පය
පතුරුවා එළි පහන් දස දහසේ
නිවී යයි ඒ පහන තෙල් නැති සේ
කුමට ඉර හඳ වුණත් ඔබ අහසේ...
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නෙළුක දීමන්ත ලියනගේ
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
Deleteපෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩ කඩිති වැව් තාවලු ...
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: මහින්ද චන්ද්‍රසේකර
ගායනය : සුනිල් එදිරිසිංහ