"ඔබ තනිකර මට යා නොහැකි... මා හට නම් හැරයනු නොහැකියි.."
පෙරුම් පුරා ඔබ මා මේ බවයේ
එක්ව පිපී ලොව සුවද සදන මුත්
තනිව බුදු පුදට නෙළාගනු එපා
එක්ව එකට මිය යනු සැපකි...
පිරිසිදු කිරිසුදු පැහැයේ තරමට
අපේ පෙමත් කිරිසුදු පැහැතියි
ඉදින් කුමට මට තවත් නිවන් සැප
ඔබ තනිකර මට යා නොහැකි...
මල් යායේ අප එකට පිපී මුත්
කවුරු නෙළාගනු කිවනොහැකියි
කුමක් කරමු අප එක්ව මියෙන්නට
මා හට නම් හැරයනු නොහැකියි...
කවදක හරි යන්න වෙනවා නොවැ....
ReplyDeleteජ ය වේ වා ර්!!!
ලස්සනයි........
ReplyDelete