"හේනට එන ගිරවුන්ගෙන් - අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන - ගල්කැට ඇහිඳින"
මල් සුවඳ පිරී ඇති
මගෙ හපුටු පැටවු ළඟ
හැමදාම එක ලෙසම
සිල් සුවඳ හමනවා..
නොවුනාට පොත්ත රතු
දිලිහෙනා හිනා කැන්
වලින් හැම පාන්දර පාන්දර
මගේ හිත පිරෙනවා..
පුංචි පැන්සල් කොටෙන්
හීනියට හෙමිහෙමින්
ගැටගහන අකුරු පොඩි
පිටු පුරා පිරෙනවා..
නමට මල් කැකුළු වන
උඹල හැමටම වඩා
මගෙ හිඟන පැටවුන්ව
හැමදාම මට වටිනවා..
හපුටු පැටව්/// ???
ReplyDeleteදේශක, ඔබ දැකලා නැතිව ඇති කියල මම හිතන්නෙ නෑ, මේ පැත්තට ආවොත් දඹාන, රිදීමාලියද්ද, ඇකිරියංකුඹුර, ගුරුකුඹුර, යල්වෙල, වගේ පැතිවල ඉස්කෝලවල ඉන්නෙ වැඩිහරියක් හපුටු පැටවු. හරියට ඇඳුමක් නෑ, වෙලාවකට කකුල් දෙකට බාටා කෑලි දෙකක්වත් නෑ, දත් කහ ගැහිලා, අවුවට වේලිලා මැලවෙච්ච මූණු, බඩගින්නෙ බඩ ඇතුලටම ඇකිළුන පැටවු, උන් එනාව පොත් මිටියකුත් අතේ අරං ඉගෙනගන්න. උන් වැඩිහරියකට සිංහල හෝඩියේ අකුරුවත් බෑ. ඒත් උන් ඒවා ඉගෙනගන්න ආසයි. ඔන්න ඒ වගේ කැකුළු වලට තමයි අපි මේ පැත්තෙ හපුටු පැටවු කියන්නෙ.
Deleteඒ අපහාසෙකට එහෙම නෙවෙයි, උන්ට තියෙන ආදරේ වැඩිකමට. පිට ආටෝපෙට හපුටු උනත් උන් තමයි හැබෑම මල් කැකුලු. මං මේ කියන්නෙ අත්දැකීමෙන්මයි.
ඒ උනාට ගොඩක් තැන්වලදි කැපිලා පේන්නෙ නමට මල් කැකුළු විතරයි. ඔය අහිංසක හීන ගොඩක් වෙලාවට කැලේම පර වෙනවා!
ReplyDeleteපද ටික අපූරුයි!!
ප්‍රියශාද්, ඔය අත්දැකීම මගේ හිතට තදින්ම කාවැදුනු මොහොතක තමයි මගේ අතින් මේ වගේ නිර්මාණයක් ලියවෙන්නෙ. මට උගන්නන්න ලැබිල තියෙනවා සිංහල හෝඩියේ අකුරු ටිකවත් නොදන්න ගනන් ටිකක් හරියට ලියල එකතුකරගන්න දන්නෙ නැති ළමයි. මං උගන්නන අතරෙ ඉගෙන ගන්න පුලුවන් එවුන් ඇවිල්ලා උන්ට ඔච්චම් කරනවා. අන්න ඒ තැන් වලදි හිතට දැනෙන හැඟීම දරාගන්න බැරිතරම්. ඒ වගේ එවුන් තමයි ඉගෙන ගෙන ලොකු මහත්තුරුවෙලා පොඩි පංතියේ ඉන්න අපි වගේ එවුන්ට ගරහන්නෙ. ඔබ දන්නවද, අමාරුවෙන් අකුරක් ගැටගහගන්න ළමයි මං පංතියට එන්න පොඩ්ඩ පරක්කු වෙච්ච ගමන් මඟ බලාගෙන ඉන්නවා. සමහරක් අය මං එනවද බලන්න මඟට එනවා. මඟට මාව හම්බ උනාම උන්ගෙ මූණු හිනාවෙන් පිරෙනවා. එතකොට මගේ මුළු හිතමත් පිරෙනවා. සමාජ ක්‍රමයෙ වැරැද්ද මිසක් උනට මෙහෙම වෙලා තියෙන්නෙ උන්ට ඉගෙන ගන්න ආසාව නැතුව නෙවෙයි.
Deleteලස්සනයි..
ReplyDeleteඅන්න.. දැන් නම් උඹත් ලස්සනයි. ඔය ඉන්නෙ මනුස්සයෙක් වගේ!!
Deleteස්තූතියි සංචාරක..
Deleteඔව් හිඟන පැටියෙක් වුනත් වටිනවා.. අපූරු පද වැලක්..
ReplyDeleteතුශානි.. හිඟන පැටවු තමයි වටින්නෙම.
Deleteඅද කාලේ දුවන රටාවේ හැටියට නම් ඔහොම හිතන අය බොහොම අතලොස්සයි ඉන්නේ..
ReplyDeleteඅද කාලෙ ගොඩක් දෙනෙක් ගුරු ප්ත්වීම් ගන්නෙ බඩ සරිකරගන්න විතරයි. ගුරුවරයා කියන එකේ අර්ථය හරි හැටි තේරුම් ගත් කෙනෙක්ගෙ හැඟීම් මෙයින් පිට යන්න විදියක් නෑ. එහෙම නැති අය තමයි දුෂ්කරයි, දුෂ්කරයි කිය කියා අහිංසක හිඟන පැටවු දාල පැනල දුවන්නෙ.
Deleteමට මහ්ටක් වුනේ "බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවා ගන්න" කියන සින්දුව
ReplyDeleteඒ මොකද ඒ?
Deleteමොකද ඒ කියලා තමයි මාත් බැලුවේ , වැරදිලා කියන්න ගිය එක නිවෙයි කියවෙලා තියෙන්නේ , කියන්න ඕඅන වුනේ " මා තොටින් එන උතුරු සුළඟේ" කියන සිංදුව කියලයි
Deleteමා තොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
Deleteදෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ නංගියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක්කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පංතියේ
කරවටින් අත දමා හිනැහුළණු කෝ නුඹේ යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන්
කාටවත් නැති දුවේ කවුරුත් නුඹ රකීවිද සෙනෙහසින්
මන්දිරේ දොර නුඹව කැදවයි බේබිලා හඩනා හඩින්
මායිමේ වැට අඩගසයි හෙට අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්නද ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක හිත නිවාගන්නට දුවේ ඩිංලක් හිනැහියන්
මා තොටින් එන......
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - රෝහණ වීරසිංහ
ඉවාන් මේකත් අහන්න .....
Deleteරෑට රැයේ මහ වැවේ රකින තරු මල්...
පඳුරු වදුළු වල නිදා වැටුන බිම්මල්...
හීලත් නොමැතිව ඉරත් සමඟ ඇවිදින්...
කරන්නෙ කෝමද අකුරු හරඹෙ මැනවින්...
ආවත් අකුරට පොත් ගෙනවිත් නැත්නම්...
අඳින්නෙ කෝමද නැවුම් රටා සිත්තම්...
දුප්පත් මොළමල් බියෙන් සළිත වේනම්...
නටන්නෙ කෝමද ගීත ගයා වන්නම්...
මුරකුටි යායේ අඳුරට සිත දේ නම්...
කැලේ තැලී මල් කලේට යාවේ නම්...
කීව නහන මල් පිපෙන්න අකමැති නම්...
තනන්නෙ කෝමද ශිල්ප කලා කැටයම්...
ගායනය - නන්දා මාලනී
ගී පද - සුනිල් සරුක්කාලි.
සංගීතය - විජේසුන්දර වේරගොඩ.
(ගාමණී )
(https://www.youtube.com/watch?v=dCOs49HGx90)
අපේ පළාත්වල හපුටු පැටවුන්ටත් වඩා ඇත්තමයි ඒ මල් කැකුලු වල ජීවිත හරිම දුශ්කරයි ඉවාන්.ස්තූතියි ඔබට බොහොම.
Deleteවෙනද වගේම සිංදු ඇනෝ ඔබටත් ගොඩක්ම ස්තූතියි...
Deleteදුෂ්කර පළාතේ ගුරුතුමී...............
ReplyDeleteසඳුදා පාන්දර
නැඟෙනහිර අහස කැටපතක් වෙයි
සිතිජයේ ජනේලයෙන් මතුවෙලා
කඳු උඩින් එබී හිස පීරන්න
අවුල් වරලස ලිහි හිරු කිරණ සේ දිලෙයි
ඉක්මනින් පය තබා යා යුතු යි
කඳුළු දෝතට අරන් මඩ ඇලෙන්
සිනාවන් ඔප දමා බුරුසුවෙන්
කටු අකුල් පාගමින් යා යුතුයි
සුළඟවිත් පුයර දුහුවිලි පොදක් ගෙල උලයි
ඈත ඉස්කෝලයේ කිචි බිචිය පැහැදිලියි
මන්දාරමෙන් වැසි කඩදාසියත් කළුයි
පාට පැන්සල් තුඩින්
බැම සඟල දේදුන්න වී ඇදෙයි
ගුරුතුමී
වලාකුළු ඔසරියට හරි හැඩයි
පතොක් ගාලට උඩින්
දිරාපත් අතුපතර පැහැබරව සිනාසෙයි
දවාලට අව්ව තරමක් සැරයි
ටීචර් අපි
සූරියකාන්ත වී පිපුණෙමු
ඈත කොලනි ඉස්කෝලේ පාන්තියක
ඉඩෝරය කවකටුවෙන් අනියි
පොතේ කොල වේලිලා පරඬලා වගෙයි
එපා මිස් අප නිසා දුක්වෙන්න
ඔය කඳුළු බිංදුවෙන් හෙට උදේට වැව පිරුණම
අපේ සිනා වාන්දාන හැටි බලන්න
කුමාර හෙට්ටිආරච්චි
(http://www.silumina.lk/punkalasa/20101212/_art.asp?fn=ar10121213)
ස්තූතියි අපේ ඇනෝ... මාත් මේක කියෙව්වා ධම්මික බංඩාරගේ ගීත විචාර පිස්සුවෙබ් වගේ හොයන කාලේ.
Deleteසිංදු ඇනෝ, ඔබ අපිට ඉතාම වටිනා ගී, නිසැඳැස් තිළිණ කරනවා. ඔබේ ගී වලින් මේ සටහන් තව තවත් අර්ථවත් වෙනවා. ඇත්තෙන්ම බොහොමත්ම ස්තූතියි..
Deleteපට්ට ඈ... ඇත්තටම ලස්සනයි... ඇත්තටම අපූරුයි...
ReplyDeleteලස්සන කවියක්
මහේෂ්.. නිර්මාණය කෙතරම් ලස්සන වුනත් ඒ ඇතුල් කතාව කොච්චරනම් අවලස්සනයිද.
Deleteපොත්ත,ජාතකේ මොකක් වුනත් දරුවෝ දරුවෝමයි,එකේ වෙනසක් නැහැ.
ReplyDeleteඒකනම් සහතික ඇත්ත. හැමෝම මෙහෙම හිතුවනම්..
Delete