මතක ඇති දා පටන්
සිහිනදුටු පළමු පෙම
අතැර නුඹ
පෙම්කලා අන් පෙමකට...
නමුත් මා දනිමි.,
පසුතැවෙන වග නුඹ
සිහිකරමින් නුඹෙ කුළුදුල් පෙම
යළි ආපසු හැරුමට ඇත්නම්...
දිවගොසින් ඒ දෙසට
නොපෙනෙන්න නික්මයමි
ඔබගේම ලෝකයෙන්
හිමිකරදී නුඹට
නුඹේ සරසවි ප්‍රථම පෙම..
Beautiful picture, lovely poetry, . Is this "wala' at Pera uni.
ReplyDeleteThanks my dr friend Ano. Yes, this is the'wala'.
Deleteවලේ තිබුන රෝබෝසියා ගහ දැන් නැ ....
Deleteරොබරොසියා මල් යායට හැලිලා
අප ආ පාරේ පාවඩ එලලා
මල් පාගා ගෙන යන්න හිතක් නෑ
සොඳුරු අතීතය අමතක කරලා
සරසවියට හෙට එන මිතුරන්නේ
වසන්තයට යලි මල් පූදින්නේ
අප හැම මේ බිම හැරදා යන්නේ
රොබරොසියා මල් නැහැ එය දන්නේ
ගිනියම් අවුවෙත් මල් පූදිනවා
සැනෙකින් සුලඟට අසු වෙනවා
පෙර පෙම් බැඳි අය අද ලඟ නෑ
සරසවියෙන් මා සමුගෙන යනවා
- ඉමාන් පෙරේරා
කාලෙකින් මේ ඇවිත් ඉන්නේ... අපූරු පද පේලියක්... පින්තූරේ දැක්කහම නම් ලොකු දුකක් හිතට ආවා.
ReplyDeleteඔබ හැමදාම ම්ගේ ළඟින් සිටින හොඳ මිතුරියක් තුශානි. ඔබට හුගක්ම ස්තුතියි.
Deleteඅපුරුයි පියසටහන් .මට මතක් උනේ "හන්තානට පායන සඳ " සින්දුව .එකෙත් තියෙන්නේ මේවගේම අත්දැකීමක් ..
ReplyDeleteහන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
පද රචනය : ධම්මික බණ්ඩාර
හදවතින්ම ඔබටත් ස්තුතියි මිත්‍ර්‍යා. ඔබ කී ගීය මා බෙහෙවින්ම ප්‍රියකරන ගීතයක්.
Deleteපෙමක් සිත තුල ඇඳී තිබුනද අතීතයෙ යම් දිනක යටගිය..
ReplyDeleteතුන් හිතේ කිසිතැනක දැන් නැත එවන් පෙමකට සෙනෙහසක් මගෙ..
දැනිමි හැඳින්නෙමි සරසවිය ගැන.. කුමට පෙම් කරමි එවන් ළඳකට..
තෙතමනය සෙනෙහස මිනිස් කම් නොමැති තුරුලක හිස හොවන්නට..
නොලද වරමට ආදරෙයි මම සදාකල්හිම එක සිතින්..
අනේ මනෝශ් මොනව කියන්නද තේරෙන්නෙ නෑ. මේ නිසදස ලියපු කාලෙ ඔයාටත් මතක ඇති. කොහොමවුනත් කමෙන්ටුව මට හුගාක්ම වටිනවා.
Deleteකාලෙකින් මතක් වෙලා තියෙන්නේ බ්ලොග් එක පැත්ත..
ReplyDeleteවලේ තිබුන රොබරෝසියා ගහ දැන්නම් අතීතයක් විතරයි..
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රොබරෝසියා ගහ හරි ලස්සන දසුනක් වෙලා තිබ්බා අතීතයේ නම්.
ReplyDeleteපළමු පෙම මතක් වෙලා ආයිත් ඇවිත්.. හැක්
ReplyDelete