"ඒත් මගෙ සිත ඔබම සෙව්වා..."
යළි යළිත් ඉපිද මැරෙන
සොඳුරු වූ සිහිනයන් අතරින්
නුඹේ රුව මට මැවී පෙනුණා
මං එනකල් මඟ බලන් හිඳිනා..
යළිත් කිසිදින හමුනොවන වග
පුන පුනා හදවත කියද්දී
මගේ දෑසින් කඳුළු බිඳුවක්
මටත් නොදැනිම බිමට වැටුණා..
ඇවිත් නුඹ හා මඟක් දුරකට
දමාලා යළි එන්නෙ කෙලෙසද
ඒ නිසා නෑවිදින් ඉන්නට
මං මගේ හිත හදාගත්තා..
ඒ නමුත් ඒ පුංචි ඇස් පොඩි
මගේ ඉදිරියෙ මැවී පෙනුණා
අහිංසක නෙත් නොදකින්න මං
මගේ දෑසම වසාගත්තා..
ඒත් මගෙ සිත ඔබම සෙව්වා...
(විශේෂ අධ්‍යාපන පීඨයට)
මසිතත් ඔබ ගැනම සෙව්වා !!!!
ReplyDeleteඅගෙයි....
ජ ය වේ වා !!!
හුටා!!!!!!
Deleteමනෝශයා .............. එනපොට හොඳ නෑ කෙල්ල ගෙට ගනිං ...
Deleteනිට්ටඹු විදානෙයා ලෝකයා
ඉවාන් ++++++++++ හැක් :D
Deleteවිදානේ,ඒකියන්නෙ ඔබත් විශේෂ අධ්‍යාපන පීටයට ඇලුම්කරන කෙනෙක්.ඇගයීමට ස්තූතියි.
Deleteමනෝෂ්,පිුයශාද්,ඉවාන්, මරැ සෙට් එක.
Deleteයලි කවදාවත් හමු නොවනා බව
ReplyDeleteමඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර
https://www.youtube.com/watch?v=DQ5rlFHy8k0
ඇය යන්න ගියා මැකිලා
Deleteවන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්
ඔන්න අඩුව සම්පුර්ණයි ,තන්කිව් සිංදුවා
Deleteඉවාන්. මම ආසම කරන පැදිපෙළක්. එය අපූරුවට ගැළපෙනවා.ස්තූතියි ඔබටත්.
Deleteමුලු ගීතයම පළකිරීම පිළිබඳ මාගේ ස්තූතියි සින්දු ඇනෝට.මෙි ගීතය ඇසෙන සෑම වාරයකම මට විශේෂ අධ්‍යාපන පීටය සිහිවෙිවි.
Deleteකාවද?
ReplyDeleteඇත්තෙන්ම මම මෙය ලිව්වෙ විශේෂ අධ්‍යාපන පීටය ට.මං ඒකට යන්න හුගාක් ආසාවෙන් හිටියෙ. ඒත් මට ඒකට අයදුම් කරන්නවත් හැකිවුනේ නැහැ.හරියට කවදාවත් නොලැබෙන වග අවබෝධ කරගෙන ඈත ඉදන් බලන් යුවතියකට පෙම්කරන පෙම්චතෙක් වගේ මං ඒ දේට ආදරේ කලා.
Delete// ඇවිත් නුඹ හා මඟක් දුරකට
ReplyDeleteදමාලා යළි එන්නෙ කෙලෙසද
ඒ නිසා නෑවිදින් ඉන්නට
මං මගේ හිත හදාගත්තා.. // වැඩිපුරම හිතගියේ මේ පද පේලියට..
ලස්සන නිර්මාණයක්...
මමත් වැඩිපුරම ආස ඒ කොටසට. වෙනදා වගේම ලෙන්ගතු කමෙන්ටුචට ස්තූතියි මිතුරියේ.
Deleteනෙතු අගින් ගිලිහුන
ReplyDeleteකඳුලු බිඳක්
හදවතක් රිදවූ තරම්
නුඹ දන්නවානම්
අනේ නුඹ දන්නවානම්
නෙතු පියන් අග රැඳී
මතකයේ නොම රැඳී
වියැකී ගිය කඳුල නුඹ
වියැකුනු කඳුල නුඹ
නෙතු දසුන් බොඳ කර
උණුසුමක් ඉතිරි කර
වියැකිනිය නුඹ
මගෙන් වියැකිනිය නුඹ........"
හරිම අපූරු පැදිපෙළක් මිත්‍රයා. ඇත්තෙන්ම ස්තූතියි ඔබටත් බෙහෙවින්ම.
Deleteදෑස වසා ගත්තාට සිත වසා ගන්න බෑ නොවැ!
ReplyDeleteඅපූරුයි.
ඒක ඇත්ත පිුයශාද්. ස්තූතියි ඔබටත් මිත්‍රයා.
Deleteඅර ආවසානේ විශේෂ අධ්‍යාපන පීඨය කියලා තියෙන්නෙ මක්කෙයි ???
ReplyDeleteඒකට හේ්තුව මං උඩ සිහින සිත්තම්ටත් රිප්ලයි කලා .ඇත්තෙන්ම මං පෙම්වතිය විදිහට හැදින්වුවෙ විශේෂ අධ්‍යාපන පීටය සහෝදර. ස්තූතියි ඔබටත්.
Deleteමොන අඩුපාඩුවක් තිබ්බත් උන්ගේ අපෙන් උන්ට අඩුපාඩුවක් වෙන්න දෙන්න හොඳ නැහැ.
ReplyDeleteඒක ඇත්ත මනෝජ්.අපි කිසිම වෙලාවක උන්ව මගහරින්න හොඳ නැහැ.ස්තූතියි ඔබට.
Deleteඔබට තිබෙන්නේ නිර්මාණශීලී හිතක්. ඒකයි මෙවැනි පින්තූරයකට කවි පෙළක් සිතෙන් ගලා එන්නේ. වඩා වටින්නේ මෙලෙස බෙදා ගැනීම.
ReplyDeleteසුදීක, ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඇත්තෙන්ම පින්තූරයට අදහස් ගැළපුවා නෙවෙයි,මගේ අදහස් වලට පින්තූරයක් ගැළපුවා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Delete