Tuesday, October 7, 2014

ආගන්තුක පෙම්වතියට...


"ඒත් මගෙ සිත ඔබම සෙව්වා..."




යළි යළිත් ඉපිද මැරෙන
සොඳුරු වූ සිහිනයන් අතරින්
නුඹේ රුව මට මැවී පෙනුණා
මං එනකල් මඟ බලන් හිඳිනා..

යළිත් කිසිදින හමුනොවන වග
පුන පුනා හදවත කියද්දී
මගේ දෑසින් කඳුළු බිඳුවක්
මටත් නොදැනිම බිමට වැටුණා..

ඇවිත් නුඹ හා මඟක් දුරකට
දමාලා යළි එන්නෙ කෙලෙසද
ඒ නිසා නෑවිදින් ඉන්නට
මං මගේ හිත හදාගත්තා..

ඒ නමුත් ඒ පුංචි ඇස් පොඩි
මගේ ඉදිරියෙ මැවී පෙනුණා
අහිංසක නෙත් නොදකින්න මං
මගේ දෑසම වසාගත්තා..

ඒත් මගෙ සිත ඔබම සෙව්වා...


(විශේෂ අධ්‍යාපන පීඨයට)

25 comments:

  1. මසිතත් ඔබ ගැනම සෙව්වා !!!!

    අගෙයි....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මනෝශයා .............. එනපොට හොඳ නෑ කෙල්ල ගෙට ගනිං ...
      නිට්ටඹු විදානෙයා ලෝකයා

      Delete
    2. විදානේ,ඒකියන්නෙ ඔබත් විශේෂ අධ්‍යාපන පීටයට ඇලුම්කරන කෙනෙක්.ඇගයීමට ස්තූතියි.

      Delete
    3. මනෝෂ්,පිුයශාද්,ඉවාන්, මරැ සෙට් එක.

      Delete
  2. යලි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යලි නොඑතැයි ගිම්හානෙට පෙර

    https://www.youtube.com/watch?v=DQ5rlFHy8k0

    ReplyDelete
    Replies
    1. ඇය යන්න ගියා මැකිලා
      වන සිරසක තුරු සෙවණැලි අතරේ
      ගී ගයමින් හිඳ මා තුරුලේ
      ඇය යන්න ගියා මැකිලා
      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මුහුණ වසා

      නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
      සඳඑළියේ මං පෙත පාදා
      රහසක් සඟවා
      ගොළු වූ හදකින්
      යන්න ගියා මැකිලා
      ඇය යන්න ගියා මැකිලා

      යළි කවදාවත් හමු නොවනා බව
      මඳ පවනක් හිස අතගා කීවද
      අදහා ගන්නට නොහැකිය කිසිදින
      ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

      ඇය යන්න ගියා මැකිලා
      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මූණ වසා

      පද රචනය - සුනිල් සරත් පෙරේරා
      සංගීතය - එච්.එම්. ජයවර්ධන
      ගායනය - අමරසිරි පීරිස්

      Delete
    2. ඔන්න අඩුව සම්පුර්ණයි ,තන්කිව් සිංදුවා

      Delete
    3. ඉවාන්. මම ආසම කරන පැදිපෙළක්. එය අපූරුවට ගැළපෙනවා.ස්තූතියි ඔබටත්.

      Delete
    4. මුලු ගීතයම පළකිරීම පිළිබඳ මාගේ ස්තූතියි සින්දු ඇනෝට.මෙි ගීතය ඇසෙන සෑම වාරයකම මට විශේෂ අධ්‍යාපන පීටය සිහිවෙිවි.

      Delete
  3. Replies
    1. ඇත්තෙන්ම මම මෙය ලිව්වෙ විශේෂ අධ්‍යාපන පීටය ට.මං ඒකට යන්න හුගාක් ආසාවෙන් හිටියෙ. ඒත් මට ඒකට අයදුම් කරන්නවත් හැකිවුනේ නැහැ.හරියට කවදාවත් නොලැබෙන වග අවබෝධ කරගෙන ඈත ඉදන් බලන් යුවතියකට පෙම්කරන පෙම්චතෙක් වගේ මං ඒ දේට ආදරේ කලා.

      Delete
  4. // ඇවිත් නුඹ හා මඟක් දුරකට
    දමාලා යළි එන්නෙ කෙලෙසද
    ඒ නිසා නෑවිදින් ඉන්නට
    මං මගේ හිත හදාගත්තා.. // වැඩිපුරම හිතගියේ මේ පද පේලියට..

    ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. මමත් වැඩිපුරම ආස ඒ කොටසට. වෙනදා වගේම ලෙන්ගතු කමෙන්ටුචට ස්තූතියි මිතුරියේ.

      Delete
  5. නෙතු අගින් ගිලිහුන
    කඳුලු බිඳක්
    හදවතක් රිදවූ තරම්
    නුඹ දන්නවානම්
    අනේ නුඹ දන්නවානම්

    නෙතු පියන් අග රැඳී
    මතකයේ නොම රැඳී
    වියැකී ගිය කඳුල නුඹ
    වියැකුනු කඳුල නුඹ

    නෙතු දසුන් බොඳ කර
    උණුසුමක් ඉතිරි කර
    වියැකිනිය නුඹ
    මගෙන් වියැකිනිය නුඹ........"

    ReplyDelete
    Replies
    1. හරිම අපූරු පැදිපෙළක් මිත්රයා. ඇත්තෙන්ම ස්තූතියි ඔබටත් බෙහෙවින්ම.

      Delete
  6. දෑස වසා ගත්තාට සිත වසා ගන්න බෑ නොවැ!

    අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පිුයශාද්. ස්තූතියි ඔබටත් මිත්රයා.

      Delete
  7. අර ආවසානේ විශේෂ අධ්‍යාපන පීඨය කියලා තියෙන්නෙ මක්කෙයි ???

    ReplyDelete
    Replies
    1. ඒකට හේ්තුව මං උඩ සිහින සිත්තම්ටත් රිප්ලයි කලා .ඇත්තෙන්ම මං පෙම්වතිය විදිහට හැදින්වුවෙ විශේෂ අධ්‍යාපන පීටය සහෝදර. ස්තූතියි ඔබටත්.

      Delete
  8. මොන අඩුපාඩුවක් තිබ්බත් උන්ගේ අපෙන් උන්ට අඩුපාඩුවක් වෙන්න දෙන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝජ්.අපි කිසිම වෙලාවක උන්ව මගහරින්න හොඳ නැහැ.ස්තූතියි ඔබට.

      Delete
  9. ඔබට තිබෙන්නේ නිර්මාණශීලී හිතක්. ඒකයි මෙවැනි පින්තූරයකට කවි පෙළක් සිතෙන් ගලා එන්නේ. වඩා වටින්නේ මෙලෙස බෙදා ගැනීම.

    ReplyDelete
    Replies
    1. සුදීක, ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඇත්තෙන්ම පින්තූරයට අදහස් ගැළපුවා නෙවෙයි,මගේ අදහස් වලට පින්තූරයක් ගැළපුවා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete