Wednesday, October 15, 2014

නන්ද මගේ කුමරුනි..



"නොවුනට සුරඟනක්.. මා ඔබේ ජනපද කල්‍යාණී..."





නොබෝ දිනකින් නිවන් සොයා යන

නන්ද මගේ කුමරුනි..

හදේ තියාගන් හැමදා එක ලෙස

ඔබේ පෙම්බරී...

නෙක වූ සුරඟන ලඳුන් ඇවිත්

ඉඟි බිඟි පාවී..

නොවමුත් සුරඟනක්

මා ඔබෙ ජනපද කළණී...




29 comments:

  1. නව දැලි හේනක පෑව වැඳිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කළ ජනපද කල්‍යාණිට
    හිමියනි මට කළ නොහැක නිගා

    සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
    සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
    මා හඳුනන මගෙ හදගත් කලණිය
    මට නුදුරුයි සුරඟනට වඩා

    මා සිත සුවපත් කරලනු නොහැකිය
    සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
    නෙත දුටු සුරඟන රූසිරි කුමටද
    හද දුටු ජනපද කලණ නිසා

    පද රචනය, සංගීතය සහ ගායනය: සෝමතිලක ජයමහ

    ReplyDelete
    Replies
    1. එදා නන්ද කුමාරයාටත් ඔහොම හිතුනානම් හිතෙනවා මට. ඒවගේ ජනපදකළණීල අද කොතෙක්නම් ඇත්ද?

      Delete
  2. බය වෙන්න එපා මනෝ හොද එකා ...............


    කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ ඉගිළෙනවලු නිඳැල්ලේ
    අත වැනුවට නොවැටී මං මුලාවේ
    හිත රැඳියන් මගේ සෙනෙහෙ කැඳැල්ලේ....

    දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලූ
    ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලූ
    ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ
    මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු

    වෙල් එළි යේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
    දැවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලූ
    කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ
    මතක නේද මගෙ රන් කඳ අපි දෙන්නා යාළු

    ගායනය - අතුල / සමිතා

    ReplyDelete
    Replies
    1. ඒකනම් මං දන්නව මිත්රයා. කියල තියෙන දේ දැක්කාම මං මටම හිනාවුනා. ස්තූතියි ඔබට. මේ මං වඩාත් පිුයකරන ගීයක්.

      Delete
  3. නොවමුත් සුරඟනක්

    මා ඔබෙ ජනපද කළණී.../////
    මට නං මේ වචන දෙක තුන පට්ටෙටම දැනුන.... අපූරුයි....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේශ්, ඔබටත් ස්තූතියි මිත්රයා.ඔබේ කමෙන්ටුච කියවිමෙන් හිතට සතුටක් දැනුනා.

      Delete
  4. පියසටහන්....

    තාමත් ඔබ අමතන්න අවශ්‍ය නම දන්ෙන් නැහැ. කමක් නැහැ. අදයි ෙම් පැත්තට අා ෙව්. සදුමල් තමයි පාර කිව්ෙව්. බ්ෙලාගය නම් ඉතා රසවත්. කවි නිසා අපි තුන් හිතින්ම සුභ පතනවා....... දිගට ම කරන් යන්න. අපි ඉන්නවා කවි රස විදින්න....

    ReplyDelete
    Replies
    1. ගී පවුරේ,"පියසටහන්" ලෙසම අමතන්න. ඔබව සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි ඔබටත්. අන් මිත්රයන් සේම ඔබත් මගෙ මේ ගමනට යෝධ ශක්තියක්.

      Delete
  5. Replies
    1. පිුයශාද්, බෙහෙවින්ම ස්තූතියි ඔබටත් මිත්රයා.

      Delete
  6. හැබැයි මේ ජනපඩකල්යානි දැනං හිටල නැ බුුදුන් එක්ක යන්නේ මොකටද කියන එක

    ReplyDelete
    Replies
    1. ඒ ඒකාලෙ ජනපදකළණීනෙ දේශක. මං ලිව්වෙ වත්මන් ජනපදකළණීයකගෙ සිතිවිල්ලක්. ස්තූතියි ඔබට.

      Delete
  7. මට මතක් වුනු සින්දුව මනොෂයා දාලා ... ෂේක් ..... වෙන එකක් මතක් වුනාම එන්නං

    ReplyDelete
    Replies
    1. නවාතැනින් ඇය යනවා
      වරම් ලබා සරසවියට
      මගේ දුකට නුඹ නාඩන්
      පාන් කිරිත්තෝ

      භද්ර යොවුන් විය සපැමිණ
      සක්මන් මළුවල පෙම් බැඳ
      සිනා කවට බස් පවසති
      කුමර කුමරියන්

      ඇසුර පතන දූත හසුන්
      අවට මැවෙන නවක දසුන්
      කුමර වියේ කුමර විකුම්
      සසල කරයි සිතුම්

      මතක විමන් කවුළු දොරින්
      හිස පීරන උදෑසනින්
      ඇගේ රුවට ගී ගයන්න
      එපා කුරුල්ලෝ

      සිල්ප සතර දැන එන තුරු
      කල්පකාල පසුවන තුරු
      ඉර අවරින් පායන තුරු
      සිහින දකින්නම්

      පද රචනය : සුනිල් සරත් පෙරේරා
      සංගීතය හා ගායනය : සනත් නන්දසිරි

      Delete
    2. ඉවාන්, තාමත් ගීතයක් මතක්වුනේ නැත්ද?ස්තූතියි මිත්රයා.

      Delete
    3. මනෝෂ්, ඉදිරි අවුරුදු හතර පුරාවට ඔය ගීතය මගෙ ළගින්ම හිදීවි.

      Delete
    4. හන්තාන සෙවණේ
      රතු මල් විමානේ
      මොහොතක් රැදී ඉන්න සුවසේ
      අපි දෙන්නා නෑ පිං කළේ //

      සංකාව දීලා දිව රෑ දෙකේ හී
      වැලපෙන්නේ හද දුක් දරා
      සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
      මට ඉන්න බෑ නෙත් අයා

      හන්තාන සෙවණේ...

      අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
      තනියක් දැණේ දස වටා
      මගේ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
      නොදැනීම එයි ඔබ කරා

      හන්තාන සෙවණේ... //


      ගායනය - ස්වර්ණලතා කවීෂ්වර
      ගී පද - මහින්ද අල්ගම

      Delete
  8. කලෙකදී වීය මා ලොවට පුරඟන
    නුඹයි දුටුවේ මා ලෙසින් සුරඟන
    වුන වෙලේ මා නුඹේ පෙමඟන
    ලද සතුට මා හොරාගෙන මරඟන

    ReplyDelete
    Replies
    1. කවිය කියෙව්වම හිත හිරිවැටිල ගියා මිත්රයා. ඇය මෙසේ කොපමණ නම් දුක්වන්න ඇත්ද.හරිම අපූරුයි.

      Delete
  9. චැහ් .. මං හිතපු සිංදුව හොයාගන්න නෑනේ.. නෑනෝ...

    ඔබේ පද මනරම්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ. ස්තූතියි මිත්රයා ඔබටත්.

      Delete
  10. පිය සටහන් මැකී නොමැත තව
    මා ආ දිගු ගමනේ..
    මගේම පියවර - මත පිය තබමින්..
    ඔබ එනු දුටුවෙමි - මා ලුහුබඳිමින්..
    පිය සටහන් මැකී නොමැත තව..

    ගිරි ශිකර මුඳුන් වල..වන ලැහැබේ අතු අග..
    දෝංකාර දුන් එදා ගැයූ ගී - මා ඔබට ගැයූ ගී
    ඇසේද තවමත් ඇලේ දොලේ ගලනා ගීයේ..
    පිය සටහන් මැකී නොමැත තව..

    රළු බොරළු ගමන් මඟ..වැලි තලා වැනිය අද..
    හැරී බලමි මම ඔබේ ඇසින්..ඔබ නොදුටු ඇසින්
    නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්..
    පිය සටහන් මැකී නොමැත තව...

    ගායනය : විශාරද ගුණදාස කපුගේ
    පද රචනය : සුනිල් ආර්. ගමගේ
    සංගීතය : ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔබව. ස්තූතියි ඔබටත්.

      Delete
  11. ඇත්තටම ජනපද කල්යානිටත් මෙහෙම හිතෙන්න ඇති නේද ... හැමදාමත් වගේ අපූරු පද පෙලක්..

    ReplyDelete
    Replies
    1. ඇයට එහෙම හිතින්න වත් කාලයක් නැතිවෙන්නැති.ස්තූතියි මිතුරියේ ඔබට.

      Delete
  12. නන්ද කුමාරයාගේ හිතේ හැබෑ ආදරයක් තිබිලා නැහැ.එහෙමනම් ඔහොම යන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔබෙි අදහසත් සමඟ මමත් එකගයි මනෝජ්. එහෙම ආදරයක් තිබුනනම් ඔහු කොහොමද ඇයට එතරම්ම ගැරහිමක් කරන්නෙ. ජනපදකළණීට ඔහු වගෙ කෙනෙක් අහිමිවිම හොඳයි.

      Delete
    2. දැන් මේ කියන්නෙ එදා හිටපු නන්ද කුමරු ගැනද, නැත්නම් අර දේශකට කිව්ව අද කාලෙ නන්ද හා ජනපද කල්‍යාණි ගැනද? හැක්! හැක්!!

      Delete
    3. අනේ ,අනේ එදා හිටපු නන්ද කුමාරයා ගැන.

      Delete