"ඔබේ හදවත් මංතලාවේ..."
"නොහැකි වූ මුත් දිසාපාමොක්
වන්න මට ඒ තක්ෂිලාවේ...
නිල නොලත් ගුරුවරිය වෙමි මම
ඔබේ හදවත් මංතලාවේ...
කෙඳිරිගාමින් අකුරු කරනා
අයුරු පුත ඔබ පුංචි පිටුවේ...
දැක මගේ මැලවෙලා ගිය හද
පිබිදි පිබිදී යලි සිනාසේ..."
-2014.05.17
හ්ම්ම් අපූරුයි අදහස!
ReplyDeleteබොහොම ස්තූතියි චතුරංග ඔබට .
Deleteනංගෝ මට දැනුනේ මේ වගේ ....
ReplyDeleteඅම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...
පිරුණු රටාවට පැදුරක් පිරී වැඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදූවේ...
අම්මා නැති මට...//
මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...
අම්මා නැති මට...//
ගායනය - වික්ටර් රත්නායක
ඈ මගේ නෙළුම් මල
Deleteරොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට
හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල
ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට"
ගී පද – රත්න ශ්රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ
ඔන්න ඔහොමයි ඉතින් මටනම් හිතෙන්නෙ හැමදාමත්..
සින්දු ඇනෝ, බොහොම ස්තූතියි ඔබටත් ඔබෙි ගීයටත් ඒ ගීතය දැකීමෙන් හිතට ඉමහත් සතුටක් දැනුනා.
Deleteපුරුදු සෙනෙහෙවන්ත කමෙන්ටුචටත් අපූරු ගීයටත් හදවතින්ම ස්තූතියි මනෝෂ්.
Deleteසින්දු ඇනෝ මටත් ඔය සින්දුවම මතක් වුණා.
Delete// කෙඳිරිගාමින් අකුරු කරනා
ReplyDeleteඅයුරු පුත ඔබ පුංචි පිටුවේ...
දැක මගේ මැලවෙලා ගිය හද
පිබිදි පිබිදී යලි සිනාසේ..." // හිතට දැනුනු පද පෙලක්.. ලස්සනයි..
ස්තූතියි තුශානි ඔබටත්.
Deleteමට මගේ පොඩි අක්කාව මතක් උනා... (කරුමේ කියන්නේ එයා උගන්වපු කිසිදෙයක් මං කනකටවත් ගත්තේ නැති එක මොකද එයා මගේ අක්කනේ )
ReplyDeleteඅගේයි පද පෙල...
ස්තුතියි..
ජ ය වේ වා !!!
මම නම් තාමත් ටීචර් අක්කා කෙනෙක් විදානේ. ඔබටත් බෙහෙවින් ස්තූතියි.
Deleteටීචර් අක්කා කිවුවම මට කෙනෙක්ව මතක් වුනා.. ලස්සනයි..
ReplyDeleteමතකයන් සමඟ දෙයක් රසවිඳින්න ලැබුනම ඒකෙ අමුතු මිහිරක් තියෙනවා.ස්තූතියි දිනේශ් ඔබටත්.
Deleteපට්ට ඈ....
ReplyDeleteඅපූරු හැගීම් දනවන සංවේදී කවියක්...
ජයවේවා
ඔබෙි කමෙන්ටුච කියවීමෙන් හිතට සතුටක් දැනුනා මහේශ්.අගයකිරිමට ස්තූතියි බොහොම.
Deleteටීචර් අක්කා කෙනෙක් මට හිටියේ නැහැනේ..:(
ReplyDeleteමේක දැක්කාම හිතුනා මටත් එහෙම අක්කෙක් හිටියා නම් කියලා.
හිත සංවේදී කරවන සිතිවිල්ලක්නෙ මනෝජ් ඔබට හිතිලා තියෙන්නෙ. ස්තූතියි ඔබටත් මිත්රයා.
Deleteහිතට දැණුනු කවි පද ටිකක්...
ReplyDeleteලස්සනෝ.......................
ස්තූතියි සංචාරක ඔබටත් බෙහෙවින්ම.
Delete