"මතු භවයෙදිත් එක මවු කුසේ ඉපදෙතැයි මා පතනවා.."
අඳුරු මුල්ලක සිරව
දෑත දෙපය කර
දංකුඩේ රහ බලා
මං කල් ගෙවනවා...
උඹලාගෙ හිනා හඬ
කන වැකෙන හැම විටම
මගේ හද තුටු සිතින් පිරෙනවා...
උඹේ හදවතෙ නැතත්
එදා වූ සොයුරු පෙම
අදත් මගෙ හදවතේ ගලනවා...
නමුත් තරහක් නැතේ
මගෙ හිච්චි නංගියේ
මතු භවයෙදිත් එක මවු කුසේ
ඉපදෙතැයි මා පතනවා..
මේක අර තරු ගෙ කතාව වගේ...
ReplyDeleteලස්සනයි.... ඇත්තටම....
http://tharuarana2013.blogspot.com/2014/08/44.html
මේ තියෙන්නෙ තරු අරණෙ කතාව...
එක කොටසක් විතරයි හැබැයි ඈ...
කවිය පට්ටයෝ...
හිතිට දැනුන සැරටම
ඔව් නේන්නං...
DeleteThis comment has been removed by the author.
Deleteඋඹ ඉතිං මොන එහෙකට මේවා විස්තර කරනවද මන්දා..
Deleteමහේෂ්/ දේශක, දීල තියෙන ලින්ක් එකෙන් මං ඒ කොටස කියෙව්වා. පහුගිය කොටස් ටිකත් කියවන්නෙ නැතිව කතාව ගැන අදහසක් ගන්න අමාරුයි මට. හෙමිහිට කියවන්නෝනි. මනෝෂ් ඔය කියල තියෙනවා වගේ මේක මගේ පුද්ගලික අත්දැකීමක්. ඒ අත්දැකීමෙ කතාව තමයි මනෝෂ් කියල තියෙන්නෙ. දෙන්නටම ගොඩක් ස්තූතියි...
Deleteඒකත් ඇත්ත තම්යි නේද දේශක. මං මෙහෙම කවියෙ තේරුම, කතාව කියවන්න ගියාම ඒකෙ අගේ නැතිවෙලා යනව නේද. දෙතුන් දෙනාම සමාවෙන්න මට. ඔන්න මං ඒක ඩිලීට් කලා.
Deleteහැක් හැක්... බොලා ටියුබ් ලයිට් නේ බං..
Deleteසහෝදර පෙම නිමක් නෑ!!
ReplyDeleteලස්සනයි අදහස!
ඔබ හරි චතුරංග. ඒත් එය ඒකපාර්ශවීයයි. ඒකයි කණගාටු.
Deleteහැබැයි සමහර වෙලාවට ලේ බැදීම් වලට වැඩියි අනික් බැදීම් හුඟක් ලගින් තියෙනවා..
ReplyDeleteකෝම වුනත් අදනම් සංවේදි කවි පෙලක්..
ඔබ හරි. සමහර වෙලාවලදි එහෙමත් වෙනවා. තමන්ගෙම අයට වඩා පිට අය අපි ළඟින් ඉන්නවා. ඒත් විය යුත්තේ කුමක්ද?
Deleteඅදත් අපූරු දැනෙන කවි පද ටිකක්..
ReplyDeleteතාමත් ඔහෙට ගං වතුර ඉවර නැත්ද බං??
Deleteස්තූතියි සංචාරක. මනෝෂ් දිගටම මඩ ගහනවා නේද.
Deleteශක්තිමත්ම බැඳීම තමයි සහෝදර බැම්ම
ReplyDeleteඇත්ත ඉවාන්.. ඒත් ඒක ඒක පාර්ශ්විකයි නම්..
Deleteඑකම ලේ වුනනාම දැනෙනව වැඩියි... ලස්සන පද පෙලක්..
ReplyDeleteඇත්ත තුශානි. එතකොට ඒක හදවතට දරාගන්න අමාරුයි.
Delete