"ගනිමි තවත් නාකි වුනත් දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්.."
රූපය වාගේම ළඳේ
චරිතෙත් මට ඕනෑමයි
ඒහින්දයි මං ගැන මං
පත්තරේට නොම දැම්මෙත්..
හිතුවේ උඹෙ ලන්සුවටයි
උඹේ කදිම රෑපයටයි
කිසිවක් නොසොයාම මෙමා
බහදෙයි කියලාම නොවෙද?
ගෙදරටම නාකි වුනත්
ගන්නේ නෑ මං අඹුවක්
පාරෙ බැහැලයද්දි මාව
කරන අතරමං..
හරියන්නෑ මේ විගඩම්
ගනිමි තවත් නාකි වුනත්
දෑවැද්දත් එක්කම මං
හොඳ සොඳුරු ළදක්..
එල ද බ්‍රා..
ReplyDeleteමට කවි වලින් කමෙන්ටු දාන්න තේරෙන්නේ නෑ
කවි වලින් කමෙන්ටු අවශ්‍ය නැහැ මෙන්ඩිස්. ඔබේ මෙම අවන්ක අදහස් හොඳටම ඇති. ස්තුතියි ඔබට.
Deleteදෑවැද්ද ඕනමද දන්නෑ නේහ්... නැත්තං ඔය කව්රු හරි කූට්ටාලි කරල දෙන්න තිබ්බ...
ReplyDeleteමට ඔය දෑවැද්ද ඇහන්නෙම කලවැද්ද කියනව වගේ...
ඕ යේස්...
කවිය නං පට්ටහොදේ..........
කෙල්ලෙකුත් දීල තව දෑවැද්දකුත් දීපංකො. හරිනම් කොල්ලයි දෑවැද්දක් දෙන්නෝනි කෙල්ලගේ ගෙදරට උගන්නල උස් මහත් කරල කොහෙවත් යන එකෙකුට දෙනවට.
Deleteහරිනම් කොල්ලයි දෑවැද්දක් දෙන්නෝනි කෙල්ලගේ ගෙදරට උගන්නල උස් මහත් කරල කොහෙවත් යන එකෙකුට දෙනවට////
Deleteමනෝ දෙන්න හිතං ඉන්නවද දන්නෑ නෙ...
හෙක් හෙක්...
මට නං දෑවැද්දක් දෙන්න ඇහුවොත් ඉල්ලන්නෙ කන් දෙකේ ගහගන්න ඇබ දෙකක්.. ඒ යේස්...
හැබෑටම මොනාද උඹ ඉල්ලන්නෙ. කියහංකො.
Deleteසඳ තරු මල් මට දන් දුන්
Deleteමගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...
ගණ දෙවිඳුන් මට දන් දුන්
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...
සඳ තරු මල්...
ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...
සඳ තරු මල්...
ගායනය - අතුල / සමිතා
පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය : රෝහණ වීරසිංහ
සින්දු, ++++++++++ මමයි ප්‍රියාවියි දෙන්නම ආස සින්දුවක් බං! ඒ විතරක්ය පොඩි කමට පොඩි ප්රියාවිත් ඔය සින්දුව ඇහෙත්දි අහගෙන ඉන්නවා අපූරුවට.
Deleteසමහර ගීත තියෙනවා බං, ජීවිතේටම ආවේණික.
Deleteවාහනයක් ගන්නකොට නම් වගකිමක් ඇතිවම ගන්න ඕන මහේෂ්.නැත්නම් ඉතින් මග තමයි. ස්තුතියි මිත්‍රයා.
Deleteමනෝශ්, දැවැද්ද හරි නේදෝ?!...
Deleteසින්දු ඇනෝ, මේ ගියට මම පුංචිකාලෙ ඉදලම හුගාක්ම ආසකරනවා.ඒ ගිතය ඇහෙනකොට හිතට අමුතු සතුටක් දැනෙනවා.මේ දැනුත් මතක්වෙනවා දුවව ලගතියාන ඒ දෙන්නා ගායනාකරනවා ඒකාලෙ රූපවාහිනියෙන් පෙන්නුවා. ස්තුතියි බෙහෙවින්ම.
Deleteඒක ඇත්තා ප්‍රියශාද්, එය හරිම අපූරු ගීතයක්.
Deleteසැක්! පරණ ලොරියකුත් සරි, ලෙඩ ගෑනියෙකුත් සරී.
ReplyDeleteඇත්ත ඇත්ත. :D
Deleteඅනේ මං නම් ඕවා දන්නෙ නැහැ!
Deleteදෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ReplyDeleteගෙදරට බර වුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ
විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මුහුණයි
ළිප මුල්ලේ යෞවනය ගෙවේ
රන්දම් පැළඳිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩකම කොච්චරද අගේ
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මගේ එකතුවට තවත් වටිනම ගීතයක්. ස්තූතියි මචෝ...
Deleteඇත්තෙන්ම ඔබේ මේ ගීත වලට බෙහෙවින්ම ස්තුතියි මිත්‍රයා
Delete40 ශ්‍රී ලොරියක් තියෙනවා අපේ යාළුකේ ගාව ඕනද??
ReplyDeleteරට අතැරලා යන කෙනෙක් ගේ නේද ??? හැක හැක්
Delete40 ශ්‍රී එක ගැන දේශට සෑහෙන අවුලක් තියේ වගේ
Deleteහ්ම්..හ්ම්.. මටත් හිතේ...
Deleteඔව් අඩුවට දෙනවලු.. ඔය බිස්නස් එක කරල දුන්නොත් කනක් ඇහිල ඉන්න ඇහැකි ඒ යාළුවගෙන්. ඒකත් කියන්න බෑ මේ යකා පරණ ලොරි කටු බ්රොක්ර කෙනෙක්ද කව්ද දන්නේ.
Deleteඅනේ මට ඕවට රිප්ලයි කරන්නනම් තේරෙන්නේ නැහැ.
Deleteබඳින්න සෑහෙන්න කාලයක් බලන් ඉන්න වෙයි ඔහොම ගියොත්! :D
ReplyDeleteඒ උනාට මඟ නවතින ලෙඩ ගොඩකට අහුවෙන්නත් බෑනෙ බං.
Deleteඒකනම් එහෙම තමයි ප්‍රියශාද්. ඒත් ඉතින් ඉක්මන් වෙලා වාහනයක් අරන් මග ඉන්න උනොත් මොකද කරන්නේ. ස්තුතියි ඔබට.
Deleteඔන්න වැඩේ ...
ReplyDeleteදෑවැද්ද විතරක් ගන්න බැරිද ?
වැඩක් නෑ, එතකොට වොරන්ටි සහ ඉන්ෂුවරන්ස් එක විතරයිනේ.
Deleteබැඳීලා කාසි බැම්මේ පෝසතාගේ දෝණි දේ බැඳලා
Deleteවිවාහේ වෙන්නෙ තරුණා බාරිගේ දායාදේ බලලා
සොයන්නේ නෑ කිසිත් දෙදෙනා වෙළීලා කාසි තණ්හාවේ //
තමන්ගේ මවු පියන්ගේ දූ දරුන්ගේ ජීවිතේ අඳුරේ
විනාසේ වේ යෙදී බෑණා සුරා පානේ දුරාචාරේ //
සිතේහී ප්‍රේමයක් නෑ බාරි කෙරෙහී යම ලොවකි නිවසේ
රජාගෙන් නෑ සැපක් ලෝකේ
අඹු සැමියන් නැතොත් ප්‍රේමේ
නැසේ පවුලේ සමාදානේ
දිළින්දාගේ පැලේහී වාසි සැප වේ මාවතේ නිදනා
බැඳීලා
ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා
චිත්‍රපටය – පෙරළෙන ඉරණම
වාහනේ එපා නම් ඒව මොකටද? ඕනිමනම් පුළුවන් වෙයි. ස්තුතියි ඔබටත්.
Deleteහෙක් හෙක් සෑහෙන්න සලකා බැලිය යුතු පුරස්නයක්.
ReplyDelete//ගෙදරටම නාකි වුනත්
ගන්නේ නෑ මං අඹුවක්
පාරෙ බැහැලයද්දි මාව
කරන අතරමං..//
අනේ ගැටවනේ නිකා ඉඳ හල්ලා
ලිඳේ පනිට්ටුව වගේ මගේ හිත
මගේම බාරි සමග සවාරි
මගේම බාරි සමග සවාරි
යන ඒ කුලුදුල් දවස අදයි
යන ඒ කුලුදුල් දවස අදයි
මේක ලියල ඉවරවෙලා ආපහු කියවනකොට මටත් ඒ ගීතයම මතක්වුනා. ස්තුතියි ඔබට මිත්‍රයා.
Deleteස්තුතියි ඔබට.
ReplyDelete