සිත්තම් කරමි මම
ඔබේ රුව බිත්තියේ
මගෙ සිතින්..
තබා ඔබෙ දෙතොලගට
මා දෙතොල්..
පණපොවම ඔබෙ රුවට..
සිනාසෙයි පෙර සේම
මා දෑස් අබියස සිට ඔබ..
තබා ඔබෙ හුස්මපොද
මගෙ උනුහුමට..
ගියා නුබ වළාවන් ගැබ්බරකර
ඇදහැලෙයි දැන් දැන් මහා වැහි..
ඉදින් ගුලිවෙමි මා
ඔබේ හුස්මපොදයට..
සරදම්කර
අනෝරා වැහි කදට..
ඒවි ඒවි අඩන්නැතිව හිිටිං හිටං
ReplyDeleteසිත්තම් කරමින් මනසේ ඔබේ රුව
ReplyDeleteකවදා හෝ යලි දකින තුරා
රැව්,පිලි රැව් දී ඇසෙන ඔබේ හඬ යලි මගේ සවනට
ඇසෙන තුරා,
විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා.
බලාපොරොත්තු තියාගෙන ඉම්මු
ReplyDeleteමා හද අසපුව කුසුමෙන් සැරසුණු
ReplyDeleteඒ මල් බර දෑතයි..
ජීවන මහමඟ කැල්මෙන් හෙලිකල
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු - සිතදැඩි අවිවේකයි..
සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා..//
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා...
මා හද අසපුව...
මුවින් අමුද බිදු, බිදු වෑහේ..
සිතුම් පැතුම් එකිනෙක පෑහේ..//
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැළැල් හද මට සෑහේ..
මා හද අසපුව...
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
බලන් ඉන්න තව ටිකක් ඉවසීමෙන්..
ReplyDeleteබිදුවක් ඉවසා අහන්න හිතවත....
ReplyDeleteමොනවද යකූ....
මොනා හරි බං අහපං....
හිහි
මේක මේ පොඩි කාලේ ලව් එකක් නේද?
ReplyDeleteමම නම් බිත්ති වල ඇන්දේ පොඩි කාලේ??